/ Feb 13, 2026

කහවත්තේ තරුණයාගේ ඝාතන සැකකරුවන් දෙදෙනෙකුට කල්දේරම් බත්!

කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනා අද (17) පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

අනෙක් සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය පොලිසියට ඊයේ (16) අවසර ලබා දී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top