/ Jun 14, 2025

සැලකිලිමත්වන්න! කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (13) ප.ව 2.30ට නිකුත් කර ඇති මෙම රතු නිවේදනය හෙට (14) ප.ව 2.30 දක්වා වලංගු වන බව සඳහන්.

හලවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය බලපැවැත් වේ.

එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 60 -70 පමණ දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකිය.

ඒ අනුව, නැවත දැනුම්දෙන තුරු ඉහත මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top