/ Jun 02, 2025

මෙම දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් අවධානයෙන් සිටින්න; අනතුරු ඇඟවීම්

ගාල්ල, කළුතර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් නායයෑම් පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය උපදෙස් ලබා දී තිබේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණ, උතුර, උතුරු මැද සහ වයම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර 50 – 60ක් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර 40 – 30ක් පමණ විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසී ඇතිවිය හැකි බව සඳහන්.

එමෙන්ම උතුරු මැද පළාතේත්, මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top