මෙරට තුළ භාවිත වන නීති විරෝධි මත්පැන් වෙනුවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය යටතේ නව මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කර හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති මුදල් කාරක සභාවේ දී (COPF) අදහස් දක්වමින් සුරාබදු නිලධාරීන් මේ බව පැවසූ අතර එහි දී ඔවුන් පෙන්වා දුන්නේ නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩු මිලට මෙය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.
පාරිභෝගිකයාට ගැළපෙන මිලට අලුත් මත්පැන් වර්ගයක් හඳුන්වාදීමෙන් බිලියන 50කින් පමණ ආදායම වැඩිකරගත හැකි බවයි සුරාබදු ඉහළ නිලධාරීන් එහි දී පෙන්වා දී ඇත්තේ.
එසේම 85% සැර වෙනුවට කසිප්පුවල තිබෙන අහිතකර ද්‍රව්‍යවලට වඩා හොද ප්‍රමිතියෙන් මත්පැන් නිෂ්පාදනය කිරීමට අදහස්කරන බවත් එහි ආරම්භය ලෙස 25% සැර යටතේ මිලිලීටර් 180ක මත්පැන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් එහි දී පෙන්වාදුන්නහ.
කෙසේ නමුත් මේ සියල්ල අනිවාර්යයෙන්ම පරීක්ෂාකර බලා නියමිත ප්‍රමිතියෙන් නිකුත්කරන බව සඳහන්.