වැඩ කරන ජනතාව ලෙස සැලකෙන කම්කරුවන් සමාජයේ විවිධ වූ ආකාරයෙන් සේවය කරයි. එහිදී රෝහල්, විශ්වවිද්‍යාල ආදී බොහෝ රාජ්‍ය ආයතන පිරිසිදු කරනු ලබන ජනතාව ගත් කල ඔවුහුද කම්කරුවෝ වෙති. මෙම ලිපිය සඳහා මා තෝරාගනු ලැබුවේ විශ්වවිද්‍යාලය තුළ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබන සේවකයන් ය. රාජකාරිය දේවකාරිය කර ගනිමින් කිසිදු නිවාඩුවක් හෝ නොමැතිව උදේ සිට සවස් වන තුරු ආපණශාලා, වැසිකිළි කැසිකිළි සිට විද්‍යාර්ථින් අධ්‍යාපනය හදාරනු ලබන ඉගෙනුම් ශාලා තෙක්ම පිරිසිදු කිරීම් සිදු කරනු ලබන්නේ මොවුන් ය. එහෙත් රු.1100ක් වැනි ඉතා සුළු මුදලකට මොවුන් එලෙස සේවය කරනු ලබයි.
වර්තමානය වන විට රටෙහි ආර්ථිකය ඇත්තේ පහළ ස්තරයකය. එතුළ සහල් කිලෝවක මිල, පොල් ගෙඩියක මිල අධික ලෙස ඉහළ ගොස් ඇති හෙයින් මොවුන්ගේ වේතනය බාල වී ඇත. මසකට දින 27 අනිවාර්ය සේවා කාලය වේ. කිසිදු පොහොය දිනයක් හෝ සති අන්තයක් හෝ කැලැන්ඩරයේ ඇති කිසිදු නිවාඩු දිනයක් ඔවුන්ට වලංගු නැත. තවද දිනකට වරුවක කාලයක් පමණක් වැඩ කිරීමට හෝ සිදු වුවහොත් සම්පූර්ණ දිනයෙහි වැටුප අහිමි වනු ඇත. මෙලෙස රටට මහත් සේවයක් සිදු කරනු ලබන ජනතාවට ඔවුන්ගේ සේවය රු. 1100 වැනි මුදලකට සීමා කළ නොහැකිය. ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින විවිධ වූ සංකල්ප පෝෂණය වුවද මෙවන් ජනතාව වෙනුවෙන් හඬක් නොනැඟේ. සිය සනීපාරක්ෂක ද්‍රව්‍යයක් හෝ නොමිලේ නොලැබෙන මෙවන් සොඳුරු මිනිසුන් වෙනුවෙන් වගකිවයුත්තන් ක්‍රියාත්මක විය යුතුය.