/ Jan 29, 2026

චීනයේ එකම පවුලක 11කට මරණ දඬුවම!

දුෂණ ක්‍රියාකාරකම් සහිත මියන්මාරය තුළ වංචා මධ්‍යස්ථාන පවත්වාගෙන චීනයේ එකම පවුලක 11 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ එලෙස මරණ දඬුවම ලැබී ඇත්තේ මිං පවුල ලෙස හැදින්වෙන පිරිසකට බවයි.

ෂෙජියැං පළාතේ අධිකරණයක් පසුගිය සැප්තැම්බර් මාසයේදී මිං පවුලේ සාමාජිකයින්ට නීති විරෝධී රඳවා තබා ගැනීම, වංචා කිරීම සහ සූදු මධ්‍යස්ථාන, කැසිනෝ, ගණිකා මඩම්, පුද්ගල පැහැර ගැනීම්, මුල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාත්මක කිරීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම කළේය.

මිං පවුල චීනයේ දේශ සීමාවට ආසන්නව මියන්මාරයේ ලාක්කායිං පාලනය කළ වංශ කිහිපයකින්ඔ එකක් ලෙස දැක්වෙයි. ඔවුන්ගේ පාලනය යටතේ, දුප්පත්කම රජ වී තිබුණු බවත් ඊට වසන් වී වංචනික ලෙස අධිරාජ්‍යයන් පවත්වාගෙන ගිය බවත් කියවෙයි.

ඔවුන්ගේ වංචා අධිරාජ්‍යයන් 2023 දී බිඳ වැටුණේ, පවතින සිවිල් යුද්ධයේදී ලාක්කායිං පාලනය භාරගත් වාර්ගික මිලීෂියාවන් විසින් ඔවුන් රඳවා තබා චීනයට භාර දුන් විටය.

මිං පවුලේ එම කඳවුරු තුළ බොහෝ චීන ජාතිකයින් සේවයේ යොදවා සිටි බවටද කියවෙයි.

මිං පවුල ඔවුන්ගේ දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබුණු අභියාචනා පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රතික්ෂේප කළ චීනයේ ඉහළම අධිකරණයට අනුව, මිං මාෆියාවේ වංචා මෙහෙයුම් සහ සූදු ගුහා විසින් 2015 සහ 2023 අතර කාලය තුළ යුවාන් බිලියන 10 කට වඩා (ඩොලර් බිලියන 1.4; පවුම් බිලියන 1) උපයා ඇති බවට සහතික කර තිබේ.

ඔවුන්ගේ අපරාධ හේතුවෙන් චීන පුරවැසියන් 14 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු වූ බවද අධිකරණය පෙන්වා දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top