/ Feb 28, 2026

බොලිවියාවේ ගුවන් යානයක් කඩා වැටීමෙන් 15කට දිවි අහිමි වෙයි!

බොලිවියාවේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බොලිවියා ගුවන් හමුදාවට අයත් C – 130H හර්කියුලිස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලා පාස් නුවර එල් ඇල්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පිටතින් පිහිටි ප්‍රධාන මාර්ගයකට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම අනතුර හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවසඳහන්.

එල් ඇල්ටෝ ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගුවන් යානය ගොඩබැස්සවීමේ දී ධාවන පථයෙන් ලිස්සා ගොස් අසල පිහිටි මාර්ගයකට කඩා වැටී ඇති බව වාර්තා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top