/ Jun 02, 2025

යුද තත්වය නිමවී වසර 16යි – සමරු උත්සවය හෙට

ජීවිත දහස් ගණනක් වනසමින් වසර 30ක් පුරා පැවති සිවිල් යුද්ධය අවසන්ව අදට (18) වසර 16ක් සපිරේ.

2009 වසරේ මැයි 18 වැනිදා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී ජිවිතක්ෂයට පත් වීමත් සමඟ යුද ගැටුම අවසන් විය.

යුද ජය සමරා දිගින් දිගටම පැවැත්වූ සැමරුම් උත්සවය මෙම රජය යටතේද පැවැත්වේ. මෙවර එය පැවැත්වෙන්නේ වසර 16ක් සපිරීම නිමිත්තෙනි ” ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” ලෙස නම් කර ඇති එය හෙට (19) පස්වරු 4 සිට 6 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ය.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම් උත්සවය පැවැත්වේ.

මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා අවසන් යුද සමයේ ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top