/ Jan 09, 2026

ලසන්ත ඝාතනයට වසර 17යි – ජනවාරිය තාමත් අඳුරේ!(PHOTOS)

සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදට 17 ක් වසරක් සැපිරෙයි.

2009 ජනවාරි 8 වන අත්තිඩිය ප්‍රදේශයේදී යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් පහර දී ඔහුව ඝාතනය කරන ලදී.

වෘත්තීය නීතිඥවරයෙක් වූ ලසන්ත වික්‍රමතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිය ක්‍රියාකාරී දේශපාලන ආරම්භ අකරණ අතර ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පුද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇවෑමෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේය.

සිය සහෝදරයා වූ ලාල් වික්‍රමතුංග සමඟ එක්ව 1994 දී සන්ඩේ ලීඩර් පුවත් පත ආරම්භ කළේය.

රජයේ දූෂණ, අක්‍රමිකතා සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව නිර්භයව කරුණු හෙළිදරව් කළ කැපී පෙනුණු කාර්යයක නිරතව සිටි ලසන්ත වික්‍රමතුංග මහතා දේශපාලාන ලෝකය කැළඹු මාධ්‍යවේදියෙක් විය. ඔහු “භීෂණයට එරෙහිව පෑන මෙහෙයවූ” මාධ්‍යවේදියකු ලෙස ජාත්‍යන්තරයේ පවා ගෞරවයට පාත්‍ර සි සිටියේය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ අඳුරුතම යුගයක් වූ රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ එම ඝාතනය මාධ්‍ය නිදහසට එල්ල වූ මරු පහරක් විය.

එදා එම ඝාතනය ගැන රාජපක්ෂ පාලනයට චෝදනා කළ යහපාලන ආණ්ඩුවෙන්ද ඊට යුක්තිය ඉටු වූයේ නැත.

ලසන්ත වික්‍රමතුංග පමණක් නොව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලැයිස්තුව 44 ලෙස පවතින අතර අද දිනයේදී මෙකී සියලුම මාධ්‍යවේදීන් සිහිකරමින් ඔවුන් සියලු දෙනා වෙනුවෙන් යුක්තිය අපේක්ෂා කිරීමද සුවිශේෂී විය.

කෙසේවෙතත් මෙම මාධ්‍යවේදී ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටුවිය යුතු බවට විපක්ෂයේ සිටියදී විශාල හඬක් නැගූ දේශපාලන ප්‍රවාහය අද බලයේ සිටින අතර එදා අහිමි වූ යුක්තිය මේ මොහොතේ හෝ ඉටුවෙතැයි යන බලාපොරොත්තුව සමාජයේ සාතිශය බහුතරයකට පවතියි.

ඒ අනුව අද මෙම සැමරුමට එක්ව සිටි ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිස පැවසුවේද වසර ගණනාවක් පුරා සොයමින් සිටින යුක්තිය වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන බවයි.

මෙම අවස්ථාවට වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයින්, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයින්, දේශපාලකයින් ඇතුළු පිරිස් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top