අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම වර්ෂයේ මුල් මාස 4ට පමණක් පැමිණිලි 1726ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
ඉන් පැමිණිලි කමිටුව වෙත පැමිණිලි 1352ක් ඉදිරිපත් කර ඇති අතර විමර්ශන කටයුතු සඳහා 200කට නියෝග ලැබී ඇත. ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ අල්ලස් පණතට අදාළ නොවීම නිසා විමර්ශනය නොකිරීම සඳහා නියෝග ලද පැමිණිලි සංඛ්‍යාව 450කි.
වෙනත් ආයතන වෙත පැමිණිලි 234ක් යොමුකර තිබේ.
මෙම කාල සීමාවේදී කොමිෂන් සභාව විසින් අල්ලස් සම්බන්ධයෙන් නඩු 33ක් පවරා ඇති බව වාර්තා වේ.