/ Nov 13, 2025

ආණ්ඩුව කෝටි 4000ක් දී ඩබල් කැබ් 1775 ගේන්න යයි : සැක මතු වේ!

ස්වයංක්‍රීය ෆෝවීල් ඩීසල් ඩබල් කැබ් 1775ක් ක්ෂණිකව මිලට ගැනීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් මේ වන විට ටෙන්ඩර් දැන්වීමක් ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙය ජනපතිවරයා සතුව පවතින අමාත්‍යංශයකි. මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් අනිද්දා පුවත්පතට සපයන මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විවිධ සැක-සංකා පවතින කරුණු ගණනාවක් අනාවරණය කර තිබේ.

මෙම කැබ් රථ සඳහා වෙන් කෙරෙන මුදල මෙම වසර සඳහා සමහර අමාත්‍යංශවලට වෙන් කර ඇති මුදලට වඩා වැඩි අගයක් ගන්නා බව එහි පෙන්වා දේ. එසේ ම මෙම ටෙන්ඩර් දැන්වීම අනුව මිලදී ගැනීමට යාමේදී පවතින ප්‍රසම්පාදන මාර්ගෝපදේශ කඩකර ඇති බවද සඳහන් වේ. ප්‍රසම්පාදන දැන්වීමේ කොන්දේසි අනුව යම් සමාගමක් අරමුණු කර අරමුණු කරගෙන ඇතුළත් කර ඇති කොන්දේසි බව පැහැදිලිව පෙනෙන බව එහිදී චෝදනා නගා ඇත.

අතිවිශාල මුදලක් වැය කර මෙලෙස කැබ් රථ ගෙන්වීමට යතත්, පූර්ව ලංසු රැස්වීමක් හෝ පවත්වා නැති වීම ද මෙහිදී ප්‍රශ්න කර තිබේ. ලසන්ත මතු කර ඇත්තේ, මෙය තදියමකින් මිලට ගැනීමක් නිසා එලෙස කටයුතු කර නොමැති බවයි.

වෙන්දේසි දමා වාහන විකිණීමට තරම් අතිරික්තයක් ඇතැයි ආණ්ඩුවම පැවසූ සන්දර්භයක නැවත අතිවිශාල මුදල් තොගයක් වැය කර කැබ් රථ 2000කට ආසන්න මුදලක් ගෙන්වීම ප්‍රශ්නකාරී වේ. දැනට රටේ රාජ්‍ය ආයතන සතු වාහන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් ද යන්න තිබෙන ප්‍රමාණය කොතෙක්ද යන්න ගණන් බලා තිබේදැයි කිසි තැනක සඳහන් නොවී – ජවිපෙ සාමාන්‍යයෙන් කැමැත්ත දක්වන වාහනයක් වන ඩබල් කැබ් ගෙන්වීම සම්බන්ධයෙන් රටේ අවධානය යොමු කළ යුතු ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top