/ Jun 01, 2025

ජනපති කාර්යාල වාහන වෙන්දේසිය: කෝටි 200 වාහන 17කටයි!

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියේදී රුපියල් මිලියන 200ක් උපයාගෙන ඇත්තේ වාහන 17ක් පමණක් අලෙවියෙන් බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

V8 වර්ගයේ සුඛෝපභෝගී රථ ඇතුළු තවත් වාහන 9ක් පමණ එම දිනයේදී අලෙවි නොවුණු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. වාහන 26ක් අලෙවි වූ බව සඳහන් වීම නිසා සමාජ මාධ්‍යවල විවිධ සටහන් පළව තිබෙනු දක්නට ලැබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top