/ Mar 14, 2025

ජනතාව මුලා කර ආධාර එකතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 2ක් දැලේ

2 people arrested

‘ලිට්ල් හාර්ට්ස්’ නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් රුපියල් ලක්ෂ 29ක මුදලක් වංචා කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී කල්පිටිය, පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේදී සේනාධීරගේ දුලාන් මහේෂිත නමැති 28 හැවිරිදි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර නොරොච්චෝලේ – කරඹ ප්‍රදේශයේදී 23 හැවිරිදි අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා මහජනතාව මුලා කරමින් මෙම ව්‍යාජ ගිණුම යටතේ මුදල් පරිත්‍යාග හා ආධාර ලබා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top