/ Jan 12, 2026

සපුගස්කන්දට ආයෝජනය කරන්න සමාගම් 20ක්!

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සහ පුළුල් කිරීම සදහා වූ ටෙන්ඩර් කැදවීමට ජාත්‍යන්තරයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව වාර්තා වෙයි.

අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කිරිමට, ඉන්දියානු, චීන, ජපාන සහ ඇමරිකානු සමාගම් විස්සකට වඩා ප්‍රමාණයක් කැමැත්ත පළ කර තිබෙන බව සඳහන්.

ඒ අනුව සපුගස්කන්දට ආයෝජනය කිරීම සදහා කැමැත්ත පළ කර තිබෙන සමාගම් කෙටි ලැයිස්තුගත කිරීම මේ වන විට අරඹා ඇති බව කියවෙයි.

සපුගස්කන්ද පිරිපහදුවේ දැනට බොරතෙල් බැරල් පනස් දහසක් පමණ පිරිපහදු කරන අතර එය බොරතෙල් බැරල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීම නවීකරණයේ අපේක්ෂාවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top