පොලිසියට බඳවාගත් නව නිලධාරීන්ගෙන් 15-20%ක් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මහජන ආරක්ෂක ඇමැතිවරයා පවසයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා හේතුවෙන් මෙම වසරේ මෙතෙක් කාලය දක්වා පොලිස් නිලධාරීන් 68කගේ වැඩ තහනම් කර ඇති බවද ඔහු කියා සිටියේය.
පේරාදෙණිය, හන්දෙස්ස, මාම්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මත් ද්‍රව්‍ය වලට යොමු වූවන්ට ප්‍රතිකාර ලබාදීමේ හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යම පළාතේ මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙසේද පැවසීය.
“තවත් දින 10-12ක් ඇතුළත මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා. ආගමික නායකයන්, අධ්‍යාපන අමාත්‍යාංශය, පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පොලිසිය, ජනමාධ්‍ය ආයතන, පළාත් පාලන ආයතන ආදී සියල්ල එකතු කරගත් වැඩ පිළිවෙළක් තමයි අපි ඉදිරියට ගෙන යෑමට සැලසුම් කර තිබෙන්නේ. රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස මේක ක්‍රියාත්මක කරනවා.”