කඳුකර මලයහ ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දෙනු ලැබීය.
එහිදී රැස්ව සිටි ජනතාව ඇමතූ ජනපතිවරයා කියා සිටියේ පොරොන්දු වූ පරිදි වතු කම්කරු වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.
” මෙම මලයගම් ජන ප්‍රජාව විසින් ප්‍රබලතම වැඩ කොටසක් ඉටු කරනවා.. ඒ වගේම අවුරුදු 202ක් ඔවුන් මියයමින් ජීවත් වෙනවා.. ඒ නිසා ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා ඔවුන්ට මූලික වුවමනාවන් සහ සැපවත් ජීවිතක් ලබා දෙන්න.. එහිදී ක්ෂේත්‍ර කිහිපයක් ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා.. ඔවුන්ට නිවාසයක හිමිකම ලබා දීම රාජ්‍යක වගකීමක්.. එමෙන්ම දෙවන කාරණය සාදාරණ වැටුපක් ලබා දීම.. දිගු කාලෙක ඉඳන් ඔවුන්ගේ ඉල්ලීමක් තියෙනවා 1,750ක වැටුපක් ලබා දෙන්න කියන එක.. අපි කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුළත එම හිමිකම ලබා දීමට කටයුතු කරනවා”