අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා මාවිල්ආරු ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයින් 121 දෙනෙකු මුදාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
මාවිල්ආරු මුදාගැනීම් මෙහයුම් සදහා යොදවා තීබූ ගුවන් හමුදාවට අයත් Bell – 412 හෙලිකොප්ටර් යානයක් සහ MI -17 හෙලිකොප්ටර් යානයක් මගින් එම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මුදා ගැනුණු ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇත.
ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 4ක් මාවිල්ආරු තත්ත්වය නිරීක්ෂණයට සහ මුදාගැනීම් සඳහා යොදවා තිබෙන බව සඳහන්.





