පසුගිය රජය 2022 අරගලයේ දී නිවාස විනාශ වූ පුද්ගලයින් සඳහා වන්දි වශයෙන් තවත් රුපියල් මිලියන 1,125 ක් ගෙවා ඇති බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු කියා සිටියේ අදාළ මුදල දේශපාලනඥයන්ට ගෙවූ රු. මිලියන 1,221 ක වන්දි මුදලට අමතරව ගෙවා ඇති බවයි.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ ඥානක්කා නැමැති කාන්තාවට අයත් අරගල සමයේ විනාශ වූ අනුරාධපුරයේ පිහිටි දේවාලය නැවත සෑදීම සඳහා රුපියල් ලක්ෂ 280ක වන්දි මුදලක් ලබා දී ඇති බවද ඇමතිවරයා පැවසුවේය.