පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව තිබේ.
අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව පැවසීය.
එහි දී ඔහු කියා සිටියේ, මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බවයි.
ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් යන තනතුරු සඳහා අයදුම්පත් ලැබෙමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
තව ද පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 5,000කට උසස්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
මේ අතර, පරීක්ෂණ ශ්‍රේණියේ සිටින නිලධාරීන් 1,500කට ද උසස්වීම් ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.