පරන්තන් – මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමෝටෙයි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකුට දිවි අහිමි වී තිබේ.
බස් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර අනතුරින් මෝටර් රථයේ රියැදුරු හා එහි ගමන්කළ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු බරපතළ තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී රියැදුරු හා පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
අද (12)පස්වරුවේ එම අනතුර සිදුව තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 32, 34 හා 46 වයස්වල පුද්ගලයින් සිව්දෙනෙකි.
අනෙක් තුවාලකරු කිළිනොච්චිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියැදුරුද ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත.
පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු හලාවත රෝහල වෙත ඇතුළත් ඇත.
මේ අතර ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
අද දහවල් එම අනතුර සිදුව ඇති බව ඔයාමඩුව පොලීසිය පවසයි.
ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු බව සඳහන්.





