/ Jun 21, 2025

ජනාධිපතිටත් උඩින් බන්ධනාගාර ලොක්කෝ – හිතුමනාපේ සිරකරුවන් 30ක් නිදහස් කරලා!

කිසිදු ලියවිල්ලක් හෝ නොමැතිව රැඳවියන් 30 දෙනෙකු බන්ධනාගාරවලින් නිදහස් කර ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇති බව වාර්තා වේ.

ඒ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසන්නේ, ජනාධිපති සමාව හිමි වූ පුද්ගලයන් 37 දෙනෙකු නිදහස් නොකිරීම සම්බන්ධයෙන් ද වාර්තා වන බවයි.

ජනාධිපති සමාව අනීතිකව යොදාගනිමින් බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී මේ සම්බන්ධව හෙළිවී ඇත.

ඊට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ද මේ වනවිටත් සිටින්නේ බන්ධනාගාරගතවය.

නිදහස් කර ඇති එම පිරිස විවිධ කාණ්ඩ යටතේ නිදහස් කර ඇති අතර ඔවුන් නිදහස් කර ඇත්තේ, කුමන පදනමකින්ද යන්න පිළිබඳ ද සොයා බලන බව විමර්ශන නිලධාරීන් පවසයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට රජය අදහස් කරන බව ඒ අතර දැනගන්නට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top