මේ වන විට ලක්ෂ 3කට වැඩි රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතව ගොඩ ගැසී තිබෙන බව වාර්තා වේ.
මේ බව අනාවරණය වූයේ වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ය.
කෙසේ වෙතත් මෙම ප්‍රමාණය මාස තුනක් ඇතුළත මුද්‍රණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යංශ නිලධාරීන් එහිදී පැවසුවෝය.
ආරක්ෂිත විශේෂාංහ වැඩි කොට සකස් කළ නව රියදුරු බලපත්‍රය එලෙස නිකුත් කරන බවත් ඉදිරි කාලය සඳහා රියදුරු බලපත්‍ර දසලක්ෂයක් ඇණැවුම් කිරීමට කටයුතු සම්පාදනය කර අවසන් බවත් එහිදී අනාවරණය විය.