/ Aug 05, 2025

අනීතිකව සේවය හැර ගිය හමුදාවේ 3500ක් අත්අඩංගුවට

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

පසුගිය පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙනු ලබයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 ,නාවික හමුදා සෙබලුන් 289 සහ ගුවන් හමුදා සෙබලුන් 278 ක් සිට ඇති බව වාර්තා වෙයි.

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිද හමුදාව හැරගොස් සිටින සාමාජිකයින් සඳහා හමුදාවට භාරවීමට පසුගිය වසරේ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබු අතර එම කාලය තුළ භාර නොවු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මස 22 වන දින සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top