ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන රෝහලක් වෙත එල්ල කළ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400ක් මරණයට පත්ව ඇති අතර තවත් 250ක ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් රෝහල වෙත ප්‍රහාර එල්ල කළ බවට චෝදනා පාකිස්ථානය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
රෝහල තුළ 2000ක පමණ පිරිසක් එහි ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.
තමන් හමුදා ඉලක්ක වෙත පමණක් ප්‍රහාර එල්ල කරන බවත් ප්‍රහාර එල්ල කරන සෑම ස්ථානයක්ම ත්‍රස්තවාදයට උපකාර කරන ස්ථාන බවත් පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.
දරුණු සටන් වෙත ව්‍යාප්ත නොවී වහා සාකච්ඡා මේෂයට එන ලෙස ප්‍රහාරය සම්බන්ධයෙන් චීනය ඉල්ලා තිබේ.
ඇෆ්ඝනිස්තානය සහ පාකිස්ථානය කි.මී.2600ක දේශ සීමාවක් දෙපස පිහිටා තිබෙන අතර පසුගිය මස දෙරට අතර දරුණු සටන් ඇවිලිණි.





