පොලිස් සේවයේ නිරත වෙමින් දූෂිත ක්‍රියා සිදු කළ 400ක පමණ පිරිසක් පසුගිය කාලයේ සේවයෙන් නෙරපා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති වැඩමුළුවකදී පොලිස් අධිකාරි එල්.යූ. වුට්ලර් පැවසුවේ එසේ සේවයෙන් නෙරපා යැවූ වැඩි පිරිසකට ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා බවයි. මෑත කාලයේද මේ චෝදනා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 100ක් පමණ සේවයෙන් නෙරපා හැර ඇත.





