/ Jul 12, 2025

යතුරුපැදිකරුවෙකුගේ මරණය නිසා ජනතාව නොසන්සුන්: ගුටි කෑ පොලිසියේ 5ක් රෝහලේ! (Photos)

වව්නියාව ප්‍රදේශයේදී පොලීසිය සහ ගම්වාසින් අතර ඇති වූ නොසන්සුන් තත්වයක් නිසාවෙන් සිදුවූ තුවාල නිසා පොලිස් නිලධාරීන් 5 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් හඹා යෑමේදී ඔහු අනතුරට පත්ව මිය ගොස් ඇති බව ගම්වැසියන් පවසන අතර පොලිසියේ ක්‍රියාකලාපය නිසා එම පුද්ගලයා අනතුරට පත්ව මහාමාර්ගයේ හිස වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.

ගම්වාසීන් විසින් පොලිසියට පහර දී ඇති අතර, පොලිසිය පවසන්නේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී විරෝධය පළකරමින් ගම්වැසියන් පහර දුන් බවයි.

වව්නියාව, කුමාංකුලම් පෙදෙසේ යතුරුපැදිකරුවෙකු වැටී සිටින බවට, ඊයේ (11) රාත්‍රී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට පුද්ගලයෙකු දැනුම් දී ඇති අතර එය පරීක්ෂා කිරීමට ගිය විට පහරකෑමට ලක් ලක් වූ බවයි පොලිසිය පවසන්නේ.

තත්වය පාලනය කිරීම පිණිස පොලිස් කැරලි මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණු අතර මිය ගිය අයගේ මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top