2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 672ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක් ද ඇතුළත් බවද එහිදී අනාවරණය කෙරුණි.
නැගෙනහිර පමණක් රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.





