දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් 50000ක් පමණ සිදුව ඇතැයි වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න පැවසුවේ ලැබී ඇති විදුලි බිඳ වැටීම් පැමිණි අතුරින් මේ වන විට 14,030කට ආසන්න ප්‍රමාණයක් පිළිසකර කර විසඳා ඇති බවයි.
දැනටත් පිළිසකර කර නැති බිඳ වැටුම් ඉදිරි පැය 24 ඇතුළත පිළිසකර කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ. මෙම විදුලිය බිඳ වැටුම් නිසා සන්නිවේදන කටයුතුවලට ද බාධා පැමිණ තිබේ.