/ Nov 13, 2025

හිටපු මන්ත්‍රීවරු 55කට වැඩ වරදින හැඩ – අල්ලස් කොමිසමෙන් රතු එළි!

දකුණු පළාත් සභාව විසුරුවා හැරීමට ආසන්නව තිබියදී රුපියල් කෝටි එකහමාරක් වටිනා ප්ලාස්ටික් පුටු මිලදී ගැනීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් සිදුවූ බවට කියන අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සිද්ධියට අදාළව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි කොමිෂන් සභා ආරංචි මාර්ග පවසන්නේ.

පසුගිය ( 27) දින සිට මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර තිබෙන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල, පළාත් විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක පී. අශෝක ධනවංශ ද සිල්වා සහ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

ඊයේ (28) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ ඇතුළු තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් කොමිෂන් සභාව වෙත කැඳවා ඇතැයිද වාර්තා විය.

ඒ අනුව සිද්ධියට අදාළව හිටපු මන්ත්‍රීවරු 55 දෙනාම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත කැඳවීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top