/ Mar 13, 2025

උස්වැටකෙයියාව ඝාතනයට 7ක් කොටු වෙයි

Minuwangoda is being shot

ජාඇළ, උස්වැටකෙයියාව වෙරළ තීරයේ දී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය වාර්තා කරයි.

මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකදී එම සැකකරුවන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින අතර අදාළ වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු ද සැකකරුවන් අතර වේ.

පමුණුගම, උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේදී පසුගිය 20 වෙනිදා රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණු අතර එම පුද්ගලයා දණගස්වා ටී – 56 ගිනි අවියකින් ඩබල් ටැප් ක්‍රමයට වෙඩිතබා ඇති බව පොලීසිය පැවසීය.

මේ පිළිබඳ විමර්ශන සිදුකළ පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ, 29 හැවිරිදි මියගිය පුද්ගලයා අයේෂ්කාන්ත බෝපේආරච්චි නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top