/ Dec 06, 2025

Rebuilding Sri Lanka වෙත විදෙස්ගත ශ්‍රීලාංකිකයින්ගෙන් මිලියන 700ක්!

ආපදාවෙන් පීඩාවත් පත් මව්බිම යළි ගොඩ නැගීම සදහා පිහිටුවා තිබෙන අරමුදලට, ඊයේ (04) දිනය වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් රුපියල් මිලියන 700 කට වඩා වැඩි මුදලක් එවා ඇති බව වාර්තා වේ.

රටවල් තිස් තුනක ශ්‍රී ලාංකිකයන් විසින් මෙම මුදල් එවා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසා තිබුණේ
ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති තිබේ.

1 thought on “Rebuilding Sri Lanka වෙත විදෙස්ගත ශ්‍රීලාංකිකයින්ගෙන් මිලියන 700ක්!”

  1. නන්දසිරි බාලසුරිය

    මේ වැනි ආධාර දෙන්නේ මෙ රටට බුදුදහමට හා සියලු ආගම්වලට ලැදි රටේ ස්ව්‍යරීභාවය රැකියයුතු යැයි අපේක්ෂාකරන බහුතර ජනයායි. රට නිරාආගමික කිරීමක්වත් පවුල් ඒකකය බින්දවැටෙන නීති සම්පාදනය කීරීමක්වත් ඉතිහාසය විකුර්තිකර පාසල් පොත්වලට ඇතුල්කිරීමක්වත්, සැබෑ ඉතිහාසය ජනතාවගෙන් වසන් කිරීමක්වත් ඔවුන් බලාපොරොත්තු නොවන අතර ජනතා නියෝජිතයන් පත්කර හැරියේ ඔවුන්ගේ මහත් බලාපොරොත්තු ඉෂ්ටකරවා ගැනීමට මිස ඒ ව්ශ්වාශය නැවතවරක් කඩා සුනු විසිනු කිරීමට නොවේ. මුලු ජාතියේ කන්දුළු වල විශාල ශක්තියක් ඇතිබව උගතයුතුයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top