ඉන්දියාවේදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට මෙරට නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ ඇය මෙම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5 දෙනා අතරට පැමිණ ඇත.
ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපාන තරගකාරියන් තේරීපත්ව සිටින අතර ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් බව පැවසේ. ලෝක රූ රැජිණ තරඟ ඉතිහාසයේ මෙම වටයට ආ මෙරට පළමු තරඟකාරිය ඇය බව සඳහන් ය.
මෙවර තරඟයෙන් මෙතෙක් පැවැති තරඟ අංශ දෙකේම අවසන් වටයට ආ ආසියාවේ එකම තරඟකාරියද ඇයයි.
අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතව ඇත.