අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය තීරණය කර තිබේ.
පර්සියානු බොක්ක අරාබි මුහුදට සම්බන්ධ කරන පටු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය අවහිර කිරීම හෝ බාධා කිරීම ගෝලීය බලශක්ති ආරක්ෂාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.
ලෝක තෙල් වලින් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් සහ ලෝකයේ LNG (ද්‍රව ස්වාභාවික වායු) වලින් තුනෙන් එකක් දිනපතා මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර, එය වසා දැමීම ගෝලීය සැපයුම් වහාම අඩු කරනු ඇති අතර එමඟින් මිල ඉහළ යාමක් ඇති විය හැකියි.
අරාබිය, ආසියානු රටවලට සිය තෙල් බෙදාහරිනු ලබන්නේ මෙම හෝමුස් සන්ධිය හරහා වන අතර මෙහි පටුම මාර්ගය කිලෝමීටර් 54කින් යුක්ත වේ. එම ප්‍රදේශය අයත් වන්නේ ඉරානයටය.
ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික ස්ථාන තුනකට ඊයේ (22) එක්සත් ජනපදය බෝම්බ හෙලීමෙන් පසුව, නැව්ගත කිරීම සඳහා හෝ මුස් සමුදු සන්ධිය වසා දැමීම, විරුද්ධවාදීන්ට බලපෑම් කිරීම සඳහා ඇති විකල්පයන්ගෙන් එකක් බවයි ටෙහෙරානය පැවසුවේ.
මෙම සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත්, එය වසා දමා පළමු සතිය තුළම ඉන්ධන මිල 80% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති අතර, විකල්ප මාර්ග සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, මෙය ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් ඇති කරනු ඇති බවයි විශේෂඥයින් පවසන්නේ.