/ Aug 11, 2025

ෆැසිස්ට්වාදය පරදා වසර 80යි: ඉතිහාසය දෙස බැල්මක්!

වසර 80 කට පෙර, 1945 මැයි මස 09 දින සෝවියට් රතු හමුදාව විසින්, ජර්මන් ෆැසිස්ට් හමුදා ඔවුන්ගේ මව්බිමෙන් පලවා හැර, යුරෝපය නාසි  වසංගතයෙන් මුදා ගැනීමේ වීරෝදාර මෙහෙයුම සම්පූර්ණ කළහ. 1945 අප්‍රේල් 24 වන දින නාසින්ගේ බර්ලින් අගනුවර අල්ලා ගැනීම ආරම්භ විය. මැයි 2 වන දින බර්ලිනයේ ප්‍රහාරක මෙහෙයුම සාර්ථකව නිම කරන ලදී. ලෙනින්ගේ රතු ධජය, ජයග්‍රහණයේ ධජය, රයිෂ්ටාග් ජර්මන් පාර්ලිමේන්තුවේ  ඉහළින් එසවිණි. මිලිටරිවාදී ජපානය යටත් වන තෙක් හරියටම මාස 4 ක් ඉතිරිව තිබුණි. මෙය සෝවියට් ජනතාවගේ මහා දේශප්‍රේමී යුධ ජයග්‍රහණයක් බව අවිවාදිත කරුණකි.‍

යුද්ධය අවසන් වන විට, සෝවියට්  රුසියානුවන් මිලියන 27 ක්, චීන ජාතිකයන් මිලියන 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක්, යුදෙව්වන් මිලියන 6 ක්, ජර්මානුවන් මිලියන 5.5 ක්, යුදෙව් නොවන පෝලන්ත ජාතිකයන් මිලියන 3 ක්, ජපන් ජාතිකයන් මිලියන 2.5 ක් සහ යුගෝස්ලාවියානුවන් මිලියන 1.5 ක් ඇතුළුව ඔස්ට්‍රියාව, මහා බ්‍රිිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය, හංගේරියාව, රුමේනියාව සහ එක්සත් ජනපදය යන එක් එක් රටවල 250,000 ත් 333,000 ත් අතර සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

 සෑම තත්පරයකදීම සෝවියට් පුරවැසියෙකු  ෆැසිස්ට්වාදයට එරෙහි සටනේදී දිවි පිදුවේය. නගර 1,710 ක්, ගම්මාන සහ කුඩා නගර 73,000 ක් ගිනිබත් වූ නටබුන් අතර විය. සෝවියට් ව්‍යවසායන් 32,000 ක් පමණ විනාශ විය. දස දහස් ගණනක් පාසල්, රාජ්‍ය ආයතන සහ වටිනා සංස්කෘතික නිමැවුම් විනාශ විය.

මෙම ඛේදවාචකයේ විශ්වීය පරිමාණය විශ්මයජනකය. නාසීන්ගේ ම්ලේච්ඡත්වය කොපමණදැයි සාමාන්‍ය මිනිසෙකුට තේරුම්ගත නොහැකි තරම්ය. මේ හේතුව නිසාමඅවුෂ්විට්ස්සිරකඳවුරේ ජර්මන් අලුගෝසුවෙකු තම වින්දිතයින්ට අවඥා සහගත ලෙස මෙසේ කීවේය: “ඔබගෙන් සමහරෙකු දිවි ගලවා ගත්තද, මොවුන්ගේ සාක්ෂි හමු වේ, සාක්ෂිය කෙතරම් බිහිසුණු වුවත්, එහි සත්‍යතාව විශ්වාස කළ නොහැකි බව මිනිසුන් කියනු ඇතලෙසයි.

 අතිශය ප්‍රතිගාමීවූද අතිශය උග්‍ර වූද  දේශානුරාගයත්, මූල්‍ය ප්‍රාග්ධනයේ ඉතාමත් අධිරාජ්‍යවාදී මූලධාතූන්වල විවෘත ත්‍රස්තවාදී  ඒකාධිපතිවාදයත් ෆැසිස්ට්වාදය වේ.

 ඉතාමත් ප්‍රතිගාමී ස්වරූපයේ ෆැසිස්ට්වාදය වනාහී, ජර්මනියේ පැවති ගණයේ ෆැසිස්ට්වාදයයි. සමාජවාදය සමග පොදුවූ කිසිදු ලක්ෂණයක් නොමැති නමුදු, ජාතික සමාජවාදය යනුවෙන් තමන් හඳුන්වා ගැනීමේ නිර්ලජ්ජීභාවය නම්, එය සතුවේ. ජර්මන් ෆැසිස්ට්වාදය ධනපති ජාතිවාදය පමණක් නොවේ. එය බියජනක අන්තවාදී දේශානුරාගයකි. වනාහී දේශපාලන දාමරිකභාවය හුවාදැක්වෙන ආණ්ඩු ක්රමයකි. කම්කරු පංතිය, ගොවිජනයාගේ විප්ලවවාදී බලවේග, සුළු ධනපති කොටස් හා බුද්ධිමතුන් මත ක්‍රියාවට නැගෙන වධබන්ධනාත්මක හා කුපිතකිරීමේ ක්‍රමයකි. එය මධ්‍යකාලීන හා තිරිසන් දහමකි. වෙනත් ජාතීන් හා සම්බන්ධයෙන් ගෙනයනු ලබන ආක්‍රමණයකි.

 ෆැසිස්ට්වාදය අධිරාජ්‍යවාදයේ ඉතාමත් නීච නිර්මාණයකි. එහි දර්ශනය බිහිසුණු වූ අතර, එහි භාවිතය අතිශයින්ම දුක්ඛිත විය. එම ජර්මානු මිලිටරිවාදයේ අපරාධ සඳහා, ලෝකය දැවැන්ත ජීවිත හානි සමඟ වන්දි ගෙවීය. මිලියන 100 කට අධික ජනතාවක් මිය ගොස් හා ආබාධිත තත්ත්වයට පත් වූහ. මේ ආකාරයේ මරණීය සිර කඳවුරු සහ ගෙස්ටාපෝ සිරගෙවල්, මිනිසුන්ට වධහිංසා පැමිණවීම සහ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, මානව ශිෂ්ටාචාරයේ වටිනාකම් කෙළෙසීම අමතක කිරීමට මිහිතලයේ මිනිසුන්ට අයිතියක් නැත. නාසි ම්ලේච්ඡ ක්‍රියා අතර ළමුන් සමූහ වශයෙන් ඝාතනය කිරීම විය. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට ඇතුළත් ප්‍රදේශවල පමණක්, විවිධ ජාතීන්ට අයත් දරුවන් මිලියන 1.5 කට වඩා මරා දමන ලදී.

හිට්ලර්,තම දේශපාලනය ප්‍රතාපවත් කථිකයෙකු ලෙස, මහාජර්මානු, යුදෙව් විරෝධී, සහ කොමියුනිස්ට්වාදයට විරුද්ධ නාසි ප්‍රචාරක ක්‍රියා ප්‍රවර්ධනය කිරීම මගින් මහජන සහයෝගය තමන් වෙත ඈදා ගත්තේ . හිට්ලර් නිතර යුදෙව්වන්ගේ කුමන්ත්‍රණයක කොටසක් ලෙස ජාත්‍යන්තර ධනවාදය හා කොමියුනිස්ට්වාදය හෙළා දුටුවේ .

 ජර්මනියේ පැවති ආර්ථික අවපාතය සහ දේශපාලන කැලඹීම් තුළ හිට්ලර්ගේ  නාසි පක්ෂය දිනෙන් දින ශක්තිමත් විය. 1932 පැවති මහ මැතිවරණයේ දී ජර්මානු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි පක්ෂය බවට පත් වීමට ඔවුනට හැකි විය.

1933 ජනවාරි මස පිහිටුවන ලද සභාග ආණ්ඩුවේ චාන්සලර් (රාජ්‍ය නායකයා) පදවියට හිට්ලර් පත්විය. ඉතා ඉක්මනින් සිය ඒකාධිපති දේශපාලනය ආරම්භ කළ හිට්ලර් යුදෙව් විරෝධී නීති ගෙනඒම ඇරඹීය. ඔහු ජර්මනිය හමුදාකරණය කිරීම සහ තම භූමිය ව්‍යාප්ත කිරීම ආරම්භ කළ අතර, එය දෙවෙනි ලෝක යුද්ධය ඇති වීමට ප්‍රධානතම හේතුව විය. මුලින් ඉතාලිය සමග සම්බන්ධතා ගොඩනගා ගත් හිට්ලර් පසුව ජපානය සමග අත්වැල් බැඳ ගත්තේ ය.

(ඉතාලි නායක බෙනිටෝ මුසොලිනි සහ ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්)

පළමු ලෝක යුද්ධය මෙන් නොව, දෙවන ලෝක යුද්ධය සෙමින් හා ක්‍රමානුකූලව ආරම්භ විය. 1931 දී ජපානයේ ක්වාන්ටුන්ග් හමුදාව මැන්චූරියාවේ චීන හමුදා පරාජය කරමින් ආරම්භක වෙඩි තැබීම් සිදු කළහ.

පළමු ලෝක යුද්ධයේදී තමන්ගේම විනාශකාරී පරාජයට පලිගැනීමේ පිපාසයෙන් සිටි ජර්මනිය, බටහිර රටවල් දෙසට ගමන් කළේය. හිට්ලර් සහ මුසෝලිනි 1936 දී තම සම්මුතිය පිහිටුවා ගත් අතර ජෙනරාල්ස් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ විසින් ස්පාඤ්ඤ ජනරජය පෙරළා දැමීමේදී සහාය වීය. ඉතියෝපියාවේ සහ ස්පාඤ්ඤයේ ෆැසිස්ට් ආක්‍රමණයට බටහිරප්‍රජාතන්ත්‍රවාදීන්දැක්වූ දුර්වල ප්‍රතිචාරය, යුරෝපයේ ඉතිරි කොටස යටත් කර ගැනීමේ තම සැලසුම් ක්‍රියාත්මක කළ හැකි බව විශ්වාස කිරීමට හිට්ලර්ව ධෛර්යමත් කළේය. මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය නාසි ඉදිරි ගමන මන්දගාමී කිරීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු උනන්දුවක් නොමැති බව ඒත්තු ගැන්වීය.

සියවස් හතරකට වැඩි කාලයක් පුරා බටහිර පාලකයෝ, ලෝකයේ අතිබහුතරයක් රටවල් තම යටත්විජිත ලෙස බලෙන් අත්පත් කරගෙන සිටියහ. බටහිර අධිරාජ්‍යවාදීන් හිට්ලර්වාදය මෙතරම් පරිස්සමින් පෝෂණය කළේ හේතුවක් නොමැතිව නොවේ. ඔවුහු එහි ආධාරයෙන් තම පැවැත්ම අරමුණු කළහ. නව ජයග්‍රහණ, රටවල් ඈඳාගැනීම් සහ කොල්ලකෑම් සැලසුම් කරන ලදී.

 1937 දී, බලවත් ජපන් හමුදාව නගරයෙන් නගරය අල්ලා ගැනීමත් සමඟ චීනයේ පූර්ණ පරිමාණ යුද්ධයක් ඇති විය. 1937 දෙසැම්බර් මාසයේදී, ජපන් සොල්දාදුවන්, චීනයේ නැන්ජින් පුරවැසියන්ට කෲර ලෙස පහර දී, සිවිල් වැසියන් ලක්ෂ 2-3 දක්වා ඝාතනය කළ අතර 80,000 ක් පමණ කාන්තාවන් දූෂණය කළහ. ජපානයට ඉක්මනින්ම චීනයේ නැගෙනහිර වෙරළ තීරයහී ජනගහණය මිලියන 200 පාලනය කළ හැකිවිය.

 1938 දී අසල්වැසි ඕස්ට්‍රියාව ආක්‍රමණය කළ හිට්ලර් එය ජර්මනියට ඈඳා ගෙන නාසිවාදී පාලනයක් ආරම්භ කළේය. 1939 මාර්තු මාසයේදී හිට්ලර් නැවතත් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කරමින් පහර දුන්නේය. සෝවියට් සංගමයේ වාරය ඉක්මනින් පැමිණෙන බව සෝවියට් නායක ස්ටාලින් තේරුම් ගත්තේය. හිට්ලර් සහ මුසොලිනිට එරෙහිව එක්සත් වන ලෙස වසර ගණනාවක් තිස්සේ සෝවියට් නායකයා බටහිරින් ඉල්ලා සිටියේය. සෝවියට් සංගමය 1934 දී ජාතීන්ගේ සංගමයට සම්බන්ධව වී සිටිය නමුත්, ෆැසිස්ට් ආක්‍රමණිකයන්ට එරෙහිව සාමූහික ආරක්ෂාව සඳහා කළ සෝවියට් ඉල්ලීම් නැවත නැවතත් නොසලකා හරින ලදී. හිට්ලර් චෙකොස්ලොවැකියාවට පහර දීමෙන් පසුව, ස්ටාලින් නැවතත් නැගෙනහිර යුරෝපය ආරක්ෂා කිරීම සඳහා එක්වන ලෙස එංගලන්තයෙන් සහ ප්‍රංශයෙන් ඉල්ලා සිටියත්, ඔහුගේ ආයාචනා බටහිර බිහිරි කන්වලට නොඇසුණි.

කෙටි විරාමයකින් පසු, 1940 අප්‍රේල් මාසයේදී, හිට්ලර් ඔහුගේ දරුණුබ්ලිට්ස්ක්‍රිග්ක්‍රියාන්විතය දියත් කළේය. වේගයෙන් ඩෙන්මාර්කය, නෝර්වේ, ඕලන්දය සහ බෙල්ජියම යන යටත්විජිතවාදීන් සියල්ලන්ම පරාජයට පත් විය.

ජපන් ආක්‍රමණ හෙළා දුටු ලෝක නායකයින්, ජපානය චීන නගරවලට නිර්දය ලෙස බෝම්බ හෙළීමත් සමඟ චීනයට උදව් කිරීමට එතරම් දෙයක් කළේ නැත. 1939 ජූලි මාසයේදී, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සමඟ 1911 දී එළැඹී වාණිජ ගිවිසුම අවසන් කිරීමෙන් සහ ජපන් යුද යාන්ත්‍රණයට තීරණාත්මක වූ එක්සත් ජනපද අපනයන තහනම් කිරීමෙන් ජපාන ආර්ථිකය වටා පටි තද කළේය. මේ අතර, මැන්චූරියාවේදී, සෝවියට් සහ ජපන් හමුදා මතභේදාත්මක දේශසීමාවන් සම්බන්ධයෙන් සටන් කළ අතර, එය සෝවියට් ජෙනරාල් ජෝර්ජි ෂුකොව්ගේ පළමු ජයග්‍රහණයට සහ නැගෙනහිරින් පීඩනය උත්සන්න කිරීමට හේතු විය.

(සෝවියට් සංගමයේ ශ්‍රේෂ්ඨතම හමුදා නායකයා වූ ජෝර්ජි ෂුකොව්, සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් සමග ක්‍රෙම්ලීනය අසල රතු චතුරස්‍රයේ)

1940 සැප්තැම්බර් මාසයේදී, ජර්මනිය, ඉතාලිය සහ ජපානය නිල වශයෙන් ත්‍රෛයිපාර්ශ්වික ගිවිසුම අත්සන් කළ අතර, තම සන්ධානය ස්ථාපිත කළහ. ඉන් ටික කලකට පසු හිට්ලර්ගේ රූකඩ හංගේරියාව, රුමේනියාව, ස්ලොවැකියාව සහ බල්ගේරියාව ඊට එක් විය.

 1918 දී ජර්මනිය සමඟ ලෙනින් කළාක් මෙන් (ජර්මානුරුසියානු මූලික  ගිවිසුම, 1918 මාර්තු 3 වන දින අත්සන් කරන ලදබ්රෙස්ට්ලිතොව්ස්ක් ගිවිසුමයි. මෙම ගිවිසුම මගින් පළමු ලෝක යුද්ධයට රුසියාව සහභාගී වීම අවසන් විය),  ස්ටාලින්, හිට්ලර් සමඟ වෙනම සාමය සඳහා සෝවියට් සංගමය ඇති කරගත් ගිවිසුම බිඳ දැමීය. ජර්මනිය සෝවියට් සංගමයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් වනබාබරෝසාමෙහෙයුම 1941 ජුනි 22 වන දින දියත් කළේය. ස්ටාලින්, ප්‍රහාරයක් ආසන්න බවට නැවත නැවතත් අනතුරු ඇඟවීම් කළත් එය නොසලකා හැර, ඓතිහාසික  මගහැරීමක් සිදු කළ මහා බ්‍රිතාන්‍යයේ හුදකලාව අවසන් කිරීමට උදව් කළේ හිට්ලර් . නාසීන් ලෙනින්ග්රෑඩ්, ස්මලියන්ස්ක් සහ කියෙව් නගර දෙසට ඉදිරියට ගියහ. නාසිබ්ලිට්ස්ක්‍රීග්මගින් රතු හමුදාවට එල්ල කරන ලද පහර දුර්වල ලන්ඩනයට සහ වොෂින්ටනයට බියක් ඇති කළේය.

 කොහොමත් මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය නිසැකවම සෝවියට් සංගමය වෙත එතරම් පක්ෂපාතීත්වයක් නොතිබුණි, සෑම රටක්ම තමන්ට හැකි  ආකාරයෙන් රුසියානු විප්ලවය අඩපණ කිරීමට දිගින් දිගටම උත්සාහ කර තිබුණි. 1930 ගණන්වල මැද භාගයේදීද හිට්ලර්ගේ පුළුල් අභිප්‍රායන් පැහැදිලි වූ විටත්, ජර්මනියට එරෙහිව මිලිටරි සන්ධානයක් සඳහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට ස්ටාලින් කළ ආයාචනා නිෂ්ඵල විය.

අගමැති වින්ස්ටන් චර්චිල් ඇතුළු බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව්වරු, ෆැසිස්ට් කැරලිකරුවන්ට අනුකම්පා කළහ. නාසීන් වෙනුවෙන් සටන් කිරීමට 700,000ක භට පිරිසක් යුරෝපීය ජාතීන් සැපයූ බවත්, මහා බ්‍රිතාන්‍ය රාජකීය පවුල තුළ පවා, හිට්ලර්ට අනුකම්පා කරන්නන් සිටි බව අමතක නොකළ යුතුය. ඔවුන් සෝවියට් සංගමය විනාශ කිරීමට මුලින්ම ජර්මානුවන්ට උදව් කළේය. මිත්‍ර පාක්ෂිකයින්ගේ මෙවැනි කෑදර ක්‍රියාකාරිත්වය සෝවියට්වරු හෙළා දුටුවෝය.

 සෝවියට්වරුන්ට නාසි ප්‍රහාරයන්ට ඔරොත්තු දිය හැකි යැයි විශ්වාස කළේ ස්වල්ප දෙනෙක් පමණි. ඇමරිකා එක්සත් ජනපද හමුදාව ගණනය කළේ ඔවුන්ට මාස තුනකට වඩා රැඳී සිටිය නොහැකි බවත්, සති හතරකින් පමණ පසුබැස්මට සිදුවන බවත්ය. මහා බ්‍රිතාන්‍යයේ පැවැත්ම රඳා පවතින්නේ එය මත බව දැන සිටි රූස්වෙල්ට් සහ චර්චිල් සෝවියට් සංගමය යුද්ධයේ තබා ගැනීමට ව්‍යාජ ලෙස උත්සාහ කළහ. කොමියුනිස්ට්වාදය කෙරෙහි ඔහුගේ දිගුකාලීන වෛරය ගිල ගනිමින්, චර්චිල් සෝවියට් සංගමයට සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වූ අතර එයම කරන ලෙස ඔහුගේ සගයන්ගෙන් ඉල්ලා සිටියේය.

1941 දෙසැම්බර් 7 වන දින, ජනාධිපති රූස්වෙල්ට් රෝගීව සිටි දිනයේ, ජපන් නාවික හමුදාව හවායි හි පර්ල් වරායේ ඇමරිකා එක්සත් ජනපද නාවික කඳවුරට පහර දුන්හ. එයින් 2,500 ක් පමණ මිය ගිය අතර ඇමරිකානු  බලඇණියේ බොහෝ කොටසක් ගිල්වාදමා හෝ අබලන් කරන ලදී.

ඊළඟ දවසේම මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළෝය. දින තුනකට පසු ජර්මනිය සහ ඉතාලිය ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළෝය. ලේ වැගිරීම් සහ අවුල් සහගත තත්ත්වය ඉක්මනින්ම ලෝකය ගිල ගත්හ.

 ලෝක යුධ පිටියේ සටන් තීව්‍ර වී යුද්ධය ඇදී යද්දී, මණ්ඩල කාමරවල විවිධ සැලසුම් සකස්කිරීමේ වේගය වැඩි විය. පශ්චාත් යුධ ධනවාදී ආර්ථික පිළිවෙත සැලසුම් කිරීම සඳහා ඇමරිකාව මිත්‍රශීලී රජයන්ට නිව් හැම්ප්ෂයර් හිබ්‍රෙටන් වුඩ්ස්වෙතට ආරාධනා කළේය. ප්‍රධාන ආර්ථික ආයතන දෙකක් පිහිටුවීමේ ඇමරිකානු සැලසුම්, සම්මන්ත්‍රණ පාර්ශවකරුවන් අනුමත කළහ: ඩොලර් බිලියන 7.6 මූලික අරමුදල් සහිතසංවර්ධනයකෙරෙහි අවධානය යොමු කරනලෝක බැංකුවසහ ඩොලර් බිලියන 7.3 ක් සහිතමූල්‍යකෙරෙහි අවධානය යොමු කරනජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ලෝකයේ රත්රන් වලින් තුනෙන් දෙකක් පාලනය කළ ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රෙටන් වුඩ්ස් පද්ධතියරත්රන් සහ ඇමරිකානු ඩොලරයයන දෙකම මත රඳා පවතින බවත්, ඇමරිකානු එක්සත් ජනපද ආර්ථික ආධිපත්යය අපේක්ෂා කළ හැකි අනාගතය සඳහා දිගටම පවතින බවත් , ඇමරිකා එක්සත් ජනපදය ලෝකයට බැංකුකරුවෙකු වන බවත් සහතික කළේය. සෝවියට් නියෝජිතයින් සමුළුවට සහභාගී වූ නමුත් පසුව අවසාන ගිවිසුම් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ අතර, නිර්මාණය කළ මෙම ආයතනවෝල් වීදියේ ශාඛාබවට චෝදනා කළේය. සෝවියට් නිලධාරියෙක්ගේ අදහස වූයේපළමුව බැලූ බැල්මටබ්‍රෙට්න් වුඩ්ස් ආයතනරසවත් හතු මෙන් පෙනුනද, පරීක්ෂා කිරීමේදී ඒවා විෂ සහිත බිම්මල්  බව පැහැදිලිබවයි.

 නව තීරණ බ්‍රිතාන්‍යයන්ගේ විශේෂ ක්ෂේත්‍රය තවදුරටත් දිරාපත්  කරන බව තේරුම් ගත්හ. යුද්ධය අතරතුර රූස්වෙල්ට්ගේ යටත්විජිත විරෝධී උත්සාහයන්ගේ අවංකභාවය ගැන සමහරු ප්‍රශ්නකර ඇතත්, යටත්විජිතවාදයට එරෙහිව උද්යෝගිමත් කුරුස යුද්ධවාදියෙකු නොවූවත්, යටත්විජිතවාදීන් යටත් වැසියන්ට කරන අසාධාරණ සහ අමානුෂික සැලකීමට ඔහු නැවත නැවතත් කෝපය ප්‍රකාශ කළේය. “අපට ෆැසිස්ට් වහල්භාවයට එරෙහිව යුද්ධයක් කළ හැකි වුවත්, සමඟම ලොව පුරා සිටින ජනතාව පසුගාමී යටත්විජිත ප්‍රතිපත්ති නිදහස් කිරීමට කටයුතු කළ නොහැකි බවත්, ඉන්දියාවේ සහ ඉන් ඔබ්බට බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරන ලෙසඔහු චර්චිල්ට බල කළේය.

 1944 පෙබරවාරි මාසයේ පැවති මාධ්‍ය හමුවකදී, රූස්වෙල්ට් බටහිර අප්‍රිකාවේ ගැම්බියාවේ බ්‍රිතාන්‍යයේ යටත්විජිත පාලනය ප්‍රසිද්ධියේ හෙළා දුටුවේය. ඔහු පෙර වසරක එහි සංචාරය කර ඇත. “එය මගේ ජීවිතයේ මා දැක ඇති භයානකම දෙයයි,” ඔහු ප්‍රකාශ කළේය. “ස්වදේශිකයන් අපෙන් වසර පන්දහසක් පසුපසින් සිටිති. . . . බ්‍රිතාන්‍යය වසර දෙසීයක් එහි සිට ඇත. බ්‍රිතාන්‍යයන් ගැම්බියාවට යෙදවූ සෑම ඩොලරයක් සඳහාම, ඔවුන් වගේ දස ගුණයක් ලබාගෙන ඇත. එය සරලවම, එම ජනතාව සූරාකෑමකි.

නමුත් ෆැසිස්ට් දේශපාලනය, පළමු ලෝක යුද්ධය ලෝකය සහ යටත්විජිත නැවත බෙදා ගැනීම සඳහා වූ ඔවුන් අතර අරගලය නිසා ඇති වූ බව පැහැදිලියජර්මනිය ඔවුන්ගේ කොටස ලබාගැනීමට ප්‍රමාද විය. ජර්මානුවන් විසින් තම අවකාශය අත්පත් කර ගැනීම ගැන කතා කරමින්, හිට්ලර් සෝවියට් සංගමය පමණක් නොව, ආසියාවේ සහ අප්‍රිකාවේ බටහිර රටවල යටත්විජිත අල්ලා ගැනීමේ ඉලක්කය තබාගත්තේය. යටත්විජිත ක්‍රමයේ බිඳවැටීම 1945 දී හිට්ලර්වාදයට එරෙහිව සෝවියට් සංගමයේ ජය සමඟ ආරම්භ විය.

රූස්වෙල්ට්, ස්ටාලින් සහ චර්චිල් 1945 පෙබරවාරි මස මුලදී කළු මුහුදේ යාල්ටා හිදී දෙවන වරටත් හමුවිය. සටන් තීව්‍ර වී තිබුණද, යුද්ධය පැහැදිලිවම මිත්‍ර පාක්ෂිකයින්ට පක්ෂව හැරී තිබුණි. පශ්චාත් යුධ සැලසුම් අවසන් කිරීමට කාලය පැමිණ තිබුණි. සෝවියට් සංගමය අණ දෙන ස්ථානයක සිටියේය. රතු හමුදාව පෝලන්තය, රුමේනියාව, චෙකොස්ලොවැකියාව, හංගේරියාව, බල්ගේරියාව සහ යුගෝස්ලාවියාව නිදහස් කරගෙන බර්ලිනයට ළඟා වෙමින් සිටියේය. මිත්‍ර පාක්ෂිකයින් අතර ගැඹුරු භේද ඇති වී තිබූ අතර එය මූලික වශයෙන් වෙනස් භූ දේශපාලනික හා උපායමාර්ගික සැලසුම් පිළිබිඹු කළේය. සෝවියට් සංගමය ආරක්ෂාව ගැන උනන්දු විය. මහා බ්‍රිතාන්‍යය තම අධිරාජ්‍යය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළේය. ඇමරිකාවට වෙළඳාම සහ ආයෝජනය සඳහා විවෘත ලෝක ආර්ථිකයක් නිර්මාණය කිරීම අවශ් විය. සාමය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයක් පිහිටුවීම සඳහා එක්සත් ජනපදයට සෝවියට් සහායද විශේෂ විය.

(1945 පෙබරවාරි යාල්ටා හි පැවති සමුළුව, අගමැති වින්ස්ටන් එස්. චර්චිල්, ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් සහ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්)

යාල්ටා සමුළුවට වසරකට වැඩි කාලයකට පෙර රූස්වෙල්ට් තියුණු ධමනි සිහින් වීමක රෝගයෙන් පෙළෙමින් සිටියේය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලිවම පිරිහෙමින් පවතින බැවින් බොහෝ දේ උපයා ගැනීමට ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් උත්සාහ කළහ. 1945 අප්රේල් 12 වන දින ඇමරිකාවේ 32වෙනි ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් මිය ගියේ ය. ඔහු සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් සමඟ ජර්මානු තර්ජනයට මුහුණදීමට අවබෝධයක් ඇතිව වැඩකල රාජ්‍ය නායකයා බව පැවසේ.

අප්‍රේල් 12 දා ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස හැරී එස්. ටෲමන් වැඩ ආරම්භ කළේ ය. 1945 අප්රේල් 25 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ හි එක්සත් ජාතීන්ගේ සංවිධානය විවෘත කිරීම ජාත්‍යන්තර සාමයේ සහ සංහිඳියාවේ නව යුගයක් සැමරීමේ අවස්ථාවක් විය යුතුව තිබුණි. වෙනුවට, මුල් සැසිවාරයන් ප්‍රධාන යුධවාදීන් අතර පීඩනයෙන් විනාශ විය.

 ඇමරිකාව, රුසියාව සහ බ්‍රිතාන්‍යය කල් පවතින සාමය සඳහා එක්ව සිටින අනාගතය සඳහා සව්දිය පුරවන ගීත සහ බලාපොරොත්තුවේ ප්‍රකාශනනිව් යෝර්ක් ටයිම්ස්පුවත්පත වාර්තා කළේය.

 1945 මැයි 7 වන දින ජර්මනිය සෝවියට් හමුදාවන්ට යටත් විය. ඇඩොල්ෆ් හිට්ලර් සහ ඊවා බ්‍රවුන් සතියකට පෙර ඔවුන්ගේ බංකරය තුළ සියදිවි නසා ගත්හ. සෝවියට් ජනතාවගේ ප්‍රීතියවිස්තර කළ නොහැකිබව ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලිවීය. මොස්කව්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි මිනිසුන්රූස්වෙල්ට් වෙනුවෙන් හුරේයනුවෙන් කෑගැසූහ. ස්ටාලින්, රතු චතුරශ්‍රයේ මිලියන 2 ත් 3 ත් අතර ජනතාවක් ඇමතීය.

 දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණය සඳහා සෝවියට් සංගමයේ තීරණාත්මක දායකත්වය පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්;

රුසියානු හමුදා අපගේ පොදු සතුරාගේ මිනිස් බලය, ගුවන් යානා, ටැංකි සහ තුවක්කු අනෙකුත් සියලුම ජාතීන්ගේ ඒකාබද්ධ ප්රමාණයට වඩා විනාශ කර ඇත. එසේම විනාශ කරමින් සිටී” 1942 අප්රේල් 28 වන දින තම ගුවන් විදුලි කතා වලින් එකක පැවසීය.

රතු හමුදාව සහ රුසියානු ජනතාව නිසැකවම හිට්ලර්ගේ සන්නද්ධ හමුදාවන්ට අවසාන පරාජයේ මාවතේ ගමන් කිරීමට බල කළ අතර දිගු කලකින් එක්සත් ජනපද ජනතාවගේ ප්‍රසාදය දිනා ගත්හරූස්වෙල්ට් පසුව පැවසීය.

රාජ්‍යයන් ගණනාවක් ෆැසිස්ට් කල්ලියේ බලවතුන්ට එරෙහි සටනේදී යුද්ධ ප්‍රකාශ කළහ. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ හිට්ලර් විරෝධී සන්ධානයේ සියලුම සහභාගිවූවන් පොදු අරගලයට දායකත්වය දැක්වීය. නාසි සපත්තුවට යටත් වූ රටවල, ඊට විරුද්ධ ව්‍යාපාරයන් ඇවිළී ගියේය. එහි වීරයන් ප්‍රංශය, ඉතාලිය, යුගෝස්ලාවියාව, ග්‍රීසිය සහ පෝලන්තය යන රටවල ආක්‍රමණිකයන්ට සහ දේශීය රූකඩයන්ට එරෙහිව සටන් කළහ.

සෝවියට්රුසියානුවන් යනු ආක්‍රමණිකයන්ට සහ ලෝක ආධිපත්‍යයට හිමිකම් කියන්නන්ට නැවත නැවතත් බාධා කළ ජනවාර්ගික කණ්ඩායමක් බවට පත්ව ඇත.

 සෝවියට් ජනතාවගේ අරගලය ජයග්‍රාහී වූයේ සමාජවාදයට ස්තූතිවන්ත වන්නටය, ලෙනින්ගේ දක්ෂතාවයට ස්තූතිවන්ත වන්නටය. 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබරය, අධිරාජ්‍යවාදයේ පෙරමුණ බිඳ දමා රුසියාව යටත්විජිතයක ඉරණමෙන් නිදහස් කළේය. රටේ ජාතිකව සමීප ප්‍රදේශ පූර්ණ රාජ්‍යත්වය ලබාගෙන, සමාජආර්ථික පසුගාමීත්වය සහ දරිද්‍රතාව ජයගෙන, විද්‍යාවේ හා සංස්කෘතියේ දියුණු ජයග්‍රහණවලට එක්වී ඇත.

 සෝවියට් ජයග්‍රහණ ජාතික විමුක්ති ව්‍යාපාරයේ බලගතු රැල්ලකින් යටත් විජිත ක්‍රමය යටපත් කළේය. යටත්විජිත හා අර්ධ විජිතවල පීඩිත ජාතීන්ට ජය ලබන්නට ෆැසිස්ට් පරාජය ඉවහල් විය.

වසර 80ක් තිස්සේ, සියලු ආකාරයේ සෝවියට්රුසියානු විරෝධීන්ට ෆැසිස්ට්වාදයට එරෙහි මහා සටනේ අර්ථය සහ වැදගත්කම ජනතාවගේ මනසින් මකා දැමීමට නොහැකි වී තිබේ. සෝවියට් සොල්දාදුවන්ගේ සහ පුරවැසියෙකුගේ නිර්භීතකම සහ පරිත්‍යාගශීලිබව පිළිබඳ බොහෝ කථා පැතිර ගියේය.

 එසේම, රුසියානු සහ පසුව සෝවියට්තර්ජනයටඑරෙහි සටන සාධාරණීකරණය කිරීම සඳහා, අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ ඉත්තන් නැවත නැවතත් ව්‍යාජ ලේඛන සකස් කිරීමට යොමු වූ අතර, “මහා පීටර්ගේ ගිවිසුම”, “ලෙනින්ගේ ස්ටාලින් විරෝධී සටහන”, “සිනොවියෙව්ගේ ලිපියසහ අනෙකුත් ඓතිහාසික ව්‍යාජ ලේඛන නිර්මාණය කළහ.

 බටහිර රටවල ගෝලීය ආධිපත්‍යය සඳහා නව තරඟකරුවන් එදාද මතුවී තිබුණි. 1947 දී ඊනියාටෲමන් ධර්මයපත් පත් කරන ලද්දේ අනුවය.

ඇමරිකා එක්සත් ජනපදය තරම් ශක්තිමත් රටක් තවත් නැතයනුවෙන් එහි සඳහන් විය.… “අපි මුළු ලෝකයම භාර ගත යුතුයි”  එදා ටෲමන්, අද ට්‍රම්ප් ජනාධිපති  ” ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කරමුයනුවෙන් ප්‍රකාශ කරන විට, ටෲමන්ගේ සෙවණැල්ල ඔහු පිටුපසින් විශාල ලෙස දිස්වෙන බව පැහැදිලිය.

ෆැසිස්ට්වාදයේ අඳුරු සෙවණැලි තවම පහවගොස් නැතැයි කිව හැකි ය. සියලු යුද්ධ අතරින් ලේ වැගිරෙන යුද්ධවල පාඩම් අදට අතිශයින් අදාළ වේ. ගෝලීයවාදීන්ගේ අඳුරු බලවේග විසින් නිර්මාණය කරන ලද උග්‍ර තර්ජනවලට මනුෂ්‍ය වර්ගයා නැවත වරක් මුහුණ දී සිටී. ඉතිහාසයේ ගලායාම ආපසු හරවා නව යටත් විජිත පාලනයන් ස්ථාපිත කිරීම සඳහා, අධිරාජ්‍යවාදීන් න්‍යෂ්ටික ව්‍යසනයේ ගිනිදැල් අවුළුවාලීමට සූදානම්ව සිටිනු දකින්නට හැකිය.

ආරාධිත ලේඛක

ජයන්ත වැලිවිට

(දේශපාලනආර්ථික විමර්ශකයෙකි. ඔහු මොස්කව්හී පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යාව පිලිබඳ පාශ්චාත් උපාධිධාරියෙකි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top