/ Jan 16, 2026

දිට්වා 93%කට රැකියා අහිමි කරලා – UN වාර්තාවක් අනාවරණය කරයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම් එල්ල වී ඇති බව වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි.

ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය පවතින බවයි එහි දැක්වෙන්නේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බවද අනාවරණය වී තිබේ.

සුළි කුණාටුවේ වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කරමින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව අදාළ වාර්තාව සකස් කර ඇත.

ඒ අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 95%ක්ම තම ප්‍රදේශවල නේවාසික, කාර්මික හෝ ප්‍රජා යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව සඳහන් කර ඇති අතර, ඒ අතරට නිවාස සහ මාර්ග වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවත් පවසා තිබේ.

සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී සහ අනුමැතීන් ලබාගැනීමේදී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය නිසා ප්‍රමාදයන් සිදුවන බව එහි සඳහන්ය.

ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟයක් පවතින අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීමේදී ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණදීමට සිදුව ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top