/ Aug 11, 2025

බූස්ස බන්ධනාගාරයෙන් හමු වු අරුම පුදුම පාර්සලය

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තිබී ජංගම දුරකතන ඇතුළු දුරකතන උපාංග තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

යුධ හමුදා 61 වැනි සේනාංක කඳවුර සහ බන්ධනාගාර පැරණි පරිපාලන ගොඩනැගිල්ල අතර ප්‍රදේශයේ තිබී එම ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

බන්ධනාගාරයේ අංක දෙක මුරපොලේ රාජකාරියේ නියුතු නිලධාරියෙකුට යමක් වැටෙන ශබ්දයක් ඇසී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කාර්යභාර නිලධාරියා දැනුවත් කිරීමෙන් පසු කළ පරික්ෂාවකදී එම පාර්සලය සොයා ගෙන තිබේ.

ස්මාර්ට් ජංගම දුරකතන 4ක්, සිම් කාඩ්පතක්, චාජර් 10ක්, ඩේටා කේබල් 07 ක් හෑන්ඩ්ෆ්‍රී 07 ක් සහ දුම්කොළ තොගයක් එහි තිබී හමුවී තිබේ.

එම භාණ්ඩ, වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලීසියට භාර දුන් බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් තළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top