/ Feb 05, 2025

රථවාහන රාජකාරියට බාධා කළ අර්චුනාට එරෙහිව විමර්ශනයක්

ARCHUNA RAMANATHAN

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද (21) දිනයේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේය.

තවද එම මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව අධිකරණයට කරුණු ගොනුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top