රාජ්‍ය මූල්‍ය අවභාවිත චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රෝහලට යෑමත්, පසුව ඔහු වෙනුවෙන කළ උද්ඝෝෂණවලටද දායක වීම ආදිය නිසා වෙන්ව ගිය සජබ – එජාප යළි දීගයක් කෙරෙහි බලාපොරොත්තු දැල්වී ඇතැයි වාර්තා වේ.
දිගින් දිගට සිදුවන විමර්ශන හේතුවෙන් සියලු විපක්ෂ බලවේග එක් කඳවුරකට එක් කළ යුතු බවට සාකච්ඡාවක් විපක්ෂ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බවද පැවසේ.
මෙහි අලුත්ම තත්වය එක්සත් ජාතික පක්ෂය විසින් සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ මේ වනවිට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ඇති පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබීමයි.
එම පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 06 වැනිදා පැවැත්වීමට නියමිතය.
සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ටද ආරාධනා කරන බව දැනගන්නට ඇත. එහිදී පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතය.
එමෙන්ම, එජාප සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ දැන් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ඇති පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.