/ Sep 16, 2025

චීන යුධ ජයග්‍රහණයේ වසර 80 ලොවට කියන කතාව!

ජපන් ආක්‍රමණයට එරෙහි යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුධ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය චීනය විසින් හමුදා පෙළපාළි හමුවේ, ලෝක නායකයින් සමඟ බීජිං නගරයෙහිදී සමරනු ලැබීය. චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්, කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල්, වියට්නාම ජනාධිපති ලුඕං කුඕං, ලාඕ ජනාධිපති තොන්ග්ලූන් සිසෝලිත්, ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ, මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම්, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්, බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ තවත් නායකයින් විශාල ප්‍රමාණයක් ඊට සහභාගි විය.

සැබෑ ජාත්‍යන්තර ප්‍රජාව පෙනෙන්නේ මෙයයි!

බටහිරින් ඉතිහාසඥයෝ බොහෝදුරට දෙවන ලෝක යුද්ධයේ කතාන්තරයෙන් චීනය ඉවත්කර ඇත. නමුත් බටහිරින් පිටත ජනතාව චීනය ෆැසිස්ට් ආක්‍රමණයට එරෙහිව යුද්ධ කළ පළමු රට බවද ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ සටන්කාමී යුද්ධය ෆැසිස්ට්වාදයට එරෙහි සමත ගෝලීය ජයග්‍රහණයට තීරණාත්මක වැදගත්කමක් තිබූ බව දනිති.

පළමුව, චීනය සඳහා, දෙවන ලෝක යුද්ධය ආරම්භ වූයේ 1931 දී ය. එනම් සැප්තැම්බර් 18 වන දින ජපාන හමුදාව ඊසානදිග චීනය ආක්‍රමණය කළ අවස්ථාවේදීය.

දෙවනුව, චීනයේ හමුදා සහ සිවිල් වැසියන් මිලියන 35 ක් අහිමිවී හෝ තුවාල ලැබූ අතර, වසර 14 ක් පුරාවට පැවති සටන් අතර, ජපන් හමුදාවන්ගෙන් 70% කට වඩා මරා දමනු හෝ තුවාල ලැබීය.

දින කිහිපයකට පෙර ජනාධිපති පුටින් අදහස් දැක්වූ පරිදි; “සෝවියට් සංගමයේ සහ චීනයේ ජනතාව සටනේ බර දරාගත් අතර විශාලතම පාඩු ලැබීය. අපගේ පුරවැසියන්, ආක්‍රමණිකයන්ට එරෙහි සටනේ විශාලතම දුෂ්කරතා විඳදරාගත් අතර නාසිවාදය සහ මිලිටරිවාදය පරාජය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ”.

චීනයේ ජයග්‍රහණය එහි දේශසීමා ඉක්මවා දෝංකාර දුන්නේය. ජපානයේ පරාජය ආසියාව පුරා යටත්විජිත විරෝධී බලවේගවලට අලුත් හුහුස්ක් ලබාදුන්නේනේයජපානය යටත්වීමෙන් සති කිහිපයක් ඇතුළත ස්වෛරී වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පිහිටුවන ලදී. කොරියාව, ජපන් පාලනයෙන් මිදී 1948 දී ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය පිහිටුවීමට ඍජුවම ජපාන පරාජය හේතුවිය. දකුණු සහ අග්නිදිග ආසියාව පුරා, ජාතිකවාදී ව්‍යාපාර චීනයේ දිගු අරගලයෙන් ආශ්වාදයක් ලබාගන්නා ලදී.

ජපන් ආක්‍රමණයට එරෙහි සටන්කාමී යුද්ධයේදී, චීන ජනතාව විසින් පෙන්නුම් කරන ලද ධෛර්යය, පරිත්‍යාගය, නිර්භීතකම සහ උපායමාර්ගික ශක්තිය, ෆැසිස්ට්වාදය, මිලිටරිවාදය, යටත් විජිතවාදය සහ අධිරාජ්‍යවාදයෙන් තොර ලෝකයක් සඳහා වන අරගලයේ ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් නිර්මාණය කළේය.

80 වන සංවත්සරය සැමරීමේ සැප්තැම්බර් 03 වන බදාදා බීජිංහිදී පැවති උත්සවයේ සිය කතාවේදී චීන ජනාධිපති ෂී ජින්පින් ලොවට පැවසුවේ චීන ජාතියේ පුනර්ජීවනය “නොනවතින” බවයි.

ලෝකයේ බලවත්ම හමුදාවක පෙළපාළිය පිටුපස ඇති මූල්‍ය තර්කනය

චීනය ගෝලීය ප්‍රාග්ධනයට ආරාධනා කරයි. ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා උපායමාර්ගික හමුදා සංදර්ශනයක් ඔවුන් පෙන්වා ඇත.

සැප්තැම්බර් 3 වන දින චීනයේ විශාල හමුදා පෙළපාළි දේශීය හා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් සඳහා ප්‍රදර්ශනයකට වඩා බොහෝ සෙයින් වැඩිදෙයක් විය. එය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවල් වෙත ඉතා සූක්ෂම ලෙස විකාශනය සඳහා සංවිධානය කරන ලද්දක්වූ බව පැහැදිලිය.

ගෝලීය ප්‍රාග්ධනයට සැබෑ පණිවිඩය

ධජ සහ හමුදා ඛණ්ඩවලින් ඔබ්බට ආයෝජකයින් දකින්නේ කුමක්ද? හැඟීම් නොවේ, දෘෂ්ටිවාදයක් නොවේ, සමූහික හඬක් නොවේ. ඔවුන් ආරක්ෂාව දකී. කොවිඩ් වැනි වසංගත, යුක්රේනයේ යුද්ධය, මැද පෙරදිග ගැටුම්, ජාත්‍යන්තර වෙළෙඳාමේදී නැව්ගත කිරීමේ බාධා සහ බටහිර ණයවලින් බැඳ තබා පිරිහුණු ලෝකයක ස්ථාවරත්වයේ ස්ථානයක් ඇති බව කියා සිටින පැහැදිලි සංඥාවකි.

ප්‍රාග්ධනය සැලකිලිමත් වන්නේ එක් දෙයක් ගැන පමණි. එය ආරක්ෂාවයි. අහිමි වූ මුදල් නැවත උපයාගත හැකි නමුත් ආරක්ෂාව අතුරුදහන් වූ විට, සියලු වත්කම් වාෂ්ප බවට පත්වේ. ලොව පුරා සිටින හමුදාවන් ඔවුන්ගේ ආදායම් වර්ධනය කරන අතර සාමය ගැන කතාකරයි. නමුත් සිදුකරන ලද කම්පනයට ඔරොත්තු දෙන තෝතැන්නක් සොයමින් වෙළඳපොළවල් තවමත් නොසන්සුන්ව පවතී.

එබැවින් චීනය සිය මිසයිල අමෝරා, නාවික ශක්තියේ වත්කම්, නවීන ඩ්‍රෝන් රංචු සහ ඒකාබද්ධ පද්ධති සජීවී රූපවාහිනියෙන් එළිදක්වන විට, ඇමරිකාවේ වෝල් වීදිය විශ්ලේෂකයන්ට ඊට අවධානය යොමු නොකර සිටීමට නොහැක. මෙය මහජනතාව සඳහා ශක්තිය පෙන්වීමක් පමණක් නොවේ. එය ප්‍රාග්ධනය සඳහා මහජන ආරක්ෂක අත්පොතකි. “ඔබේ වත්කම් මෙහි තබන්න, ඒවා ආරක්ෂා වනු ඇත.” පණිවිඩය එයයි.

යුද්ධය, එය කෙසේ සිදුවුවත්, කෙටිවනු ඇත. සමතුලිතතාවය තවදුරටත් ප්‍රශ්නයක් නොවේ. එහි සියලු විරුද්ධවාදීන්ට එරෙහිව ඒකාබද්ධව, කාර්මික පරිමාණයෙන්, ඉලෙක්ට්‍රොනික ආධිපත්‍යයෙන් සහ කිසිදු බටහිර යුධ සන්ධානයකට සම කළ නොහැකි මුල් බැසගත් සැපයුම් ප්‍රවේශයක් තුළ, චීනයේ වාසිය පද්ධතිමය වශයෙන් අතිමහත්ය. නූතන යුද්ධය ජයගන්නේ තනි වේදිකා මගින් නොව, දුරදකින, වේගයෙන් පහරදෙන සහ පාඩු ක්ෂණිකව ප්‍රතිස්ථාපනය කරන ජාල මගිනි. එවැනි පරිසරයක, පළමු පැය ගණන ප්‍රතිඵලය තීරණය කරනු ඇත. දින කිහිපයක් ඇතුළත, ගැටුම අවසන් වනු ඇත. එය සිදුවන්නේ ක්ෂයවීමෙන් නොව, ප්‍රතිවාදියාගේ සමස්ත අණ, සැපයුම සහ ආර්ථික ජීවන මාර්ග අඩපණ කිරීම හරහාය.

කාර්මික බලය අවසාන දිය අගල ලෙස

ජාතික ශක්තියේ සැබෑ පදනම කාර්මික බලයයි. නූතන ගැටුම යනු සැපයුම් දාම, තාක්ෂණය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ තරඟයකි. මෙම හමුදා පෙළපාළිය දශක ගණනාවක සොයාගැනීම් සඳහා වූ කවුළුවකි. හරිත බලශක්ති ද්‍රව්‍ය, දුර්ලභ පෘථිවි සංචිත, දියුණු දෘඩාංග (chip) නිෂ්පාදනය සහ ස්වයංපෝෂිත නිෂ්පාදන දාම ඒ හා බැඳී ඇත.

වරක් වෙනත් අය විසින් ආනයනය කරන ලද හෝ පාලනය කරන ලද දේ, නැත්නම් දුර්ලභ පෘථිවි චලිතයන් දේශීය වශයෙන් ප්‍රගුණකර ඇත.

“චීනයේ නිෂ්පාදිත” (Made in China) යනු ගුණාත්මක  තත්ත්වය අඩාලවනු ඇතැයි අපේක්ෂා කරන ලද්දකි. ඒ වෙනුවට, සැපයුම් දාමය තීරණාත්මක නැවත සකස් කිරීමකට සහ වැඩි දියුණු කිරීමකට භාජනය විය. විදුලි වාහන (EVs) අපනයන වෙළඳපොළවල් ජයගෙන ඇත. නැව් තැනීමෙන් ලෝකයට නායකත්වය දෙයි. රොබෝ විද්‍යාව සහ ඉහළ මට්ටමේ යන්ත්‍ර මගින් කාර්මික පරතරය වේගයෙන් වසා දමයි. මෙම ඔරොත්තු දීමේ හැකියාව සැබෑ උපායමාර්ගික දිය අගලයි. එය, ගෝලීය ප්‍රාග්ධනයට නොසලකා හැරිය නොහැකි එකකි.

අවි ආයුධ යනු මෙම කාර්මික ශක්තියේ ප්‍රකාශනයයි. කාර්මිකකරණය නොවූ ජාතියකට නව්‍යකරණය කිරීමට හෝ ආරක්ෂාවීමට නොහැකිය. පෙළපාළියේ ඇති සෑම මිසයිලයක්, ටැංකියක් සහ ඩ්‍රෝනයක්ම පුළුල් කාර්මික පරිසර පද්ධතියේ සුවදායක බව සංඥා කරයි.

අවි වෙළඳපොලේ චීනයේ නැගීම

ආයුධ වෙළඳාම ප්‍රාග්ධනයේ විශ්වාසය පිළිබිඹු කරයි. දශකයක් තුළ, ගෝලීය අවි අපනයනයෙන් චීනයේ කොටස 10% දක්වා ඉහළ ගොස් තිබේ. විශ්වාසදායක, දැරිය හැකි උපකරණ, දේශපාලන බැඳීම්වලින් තොර සහ නම්‍යශීලී මූල්‍යකරණයක් සහිතව එහි තරඟකාරී වාසිය ලබාදේ.

සේවාදායකයින් පාකිස්තානයේ(විශාලතම, අපනයනවලින් අඩකට වඩා වැඩි) සිට ඇල්ජීරියාව, නයිජීරියාව, සවුදි අරාබිය, තායිලන්තය සහ බංග්ලාදේශය දක්වා එය විහිදේ. අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ වර්ධනය වන ඉල්ලුම සරල ධනවාදී තර්කානුකූල න්‍යායකින් පැන නගී. ඵලදායීතාවය, විශ්වසනීයත්වය සහ ප්‍රායෝගික ප්‍රතිඵල ඔප්පු කරන ලද පිරිවැය ⁣වී ඇත.

යුධ පිටි වෙළඳ දැන්වීම් ලෙස සේවය කරයි. පකිස්ථාන JF-10Cs ඉන්දියානු රෆේල් ප්‍රහාරකයින්ට වඩා ඉහළින් සිටි විට, ප්‍රාග්ධනය සුනඛ සටන පමණක් නොව එහි පිටුපස ඇති පද්ධති – පූර්ව අනතුරු ඇඟවීම, දත්ත සම්බන්ධතා මගින් ඒකාබද්ධ ආයුධ  නිරීක්ෂණය කළේය. මෙය චීන අවි හුදෙක් “ලාභ විකල්ප” ලෙස තිබූ ඒකාකාරී ආකෘතිය බිඳ දැමීය.

චීනය දැන් දෘඩාංග පමණක් නොව සම්පූර්ණ සටන් විසඳුම් අපනයනය කරයි. ගුවන් යානා, මිසයිල සහ දත්ත ජාල ඒකාබද්ධ පද්ධති ලෙස, වටිනාකම වැඩිවන අතර මුදල් ප්‍රවාහය ස්ථාවර වේ. එයම වත්කමක් වන අතර, ප්‍රාග්ධනය විසින් අගය කරනු ලබන අස්ථාවරත්වයට ඔරොත්තු දීමේ හැකියාවකි.

ආර්ථික සංඥාවක් ලෙස හමුදා පෙළපාළිය

මේ අනුව, සැප්තැම්බර් 3 වන දින දර්ශනය, ආර්ථික උපායමාර්ගික පණිවිඩයකි.  චීනය ‘ලෝකයේ කර්මාන්ත ශාලාවට’ වඩා වැඩි දෙයකි. එය ගෝලීය වත්කම් සඳහා ආරක්ෂිතම වරායයි. එහි සැබෑ විකාශනය එන්ජින්වල ඝෝෂාව නොව, නොබිඳිය හැකි සැපයුම් දාමයක් සහ කාර්මික හැකියාව මගින් පදනම් වූ ආරක්ෂිත, ස්ථාවර, රෙන්මින්බි (RMB) මුදල් ඒකකය නිර්මාණය කරන ලද ආයෝජන පිළිබඳ පොරොන්දුවයි.

ප්‍රාග්ධනය, සැමවිටම හැඟීම්විරහිත, අවදානම සහ ප්‍රතිලාභය මනිනු ලබයි. ඇමරිකානු ෆෙඩරල් සංචිත අනුපාත කප්පාදු සංඥා කරන අතර ගෝලීය උණුසුම් මුදල්, නව පදනමක් සොයන විට හමුදා පෙළපාළිය පැහැදිලි ආලෝකයක් නිකුත් කරයි. එනම්, “මෙන්න නිශ්චිතභාවය. මෙහි ඔබේ ප්‍රාග්ධනය ආරක්ෂිත පමණක් නොවේ, එය වර්ධනය වනු ඇත.”

මෙය හුදු ප්‍රදර්ශනාත්මක බවක් නොවේ. එය ගණනය කළ සුපිරි සැලසුමකි. ශක්තිමත් ආරක්ෂක කර්මාන්තයක් යනු මුදල් සඳහා ස්ථාවර පදනමක්, බාහිර කම්පනවලින් ආරක්ෂා වූ වත්කම් සහ අර්බුදකාරී කාලවලදී පවා පහසුවෙන් බිඳ දැමිය නොහැකි සැපයුම් දාමයකි.

අතීතයේදී ප්‍රාග්ධනය, ඩොලරය විශ්වාස කළ අතර, ඇමරිකා එක්සත් ජනපද මිලිටරිය සහ සාපේක්ෂව ස්ථාවර ගෝලීය පිළිවෙලක් මගින් එය ආරක්ෂා විය. දැන්, චීනයේ කාර්මික දිය අගල ගැඹුරු වනවිට, ආයෝජන ප්‍රවාහයන් මාරු වෙමින් පවතී. යුරෝපයේ සිට අප්‍රිකාවට, මැද පෙරදිග සිට අග්නිදිග ආසියාවට, අරමුදල් යුවාන් වෙත, චීන සැපයුම් දාමයන් වෙත, ආරක්ෂක සම්බන්ධිත තාක්ෂණයට ගමන් කරමින් පවතී. ඔවුන් අනුගමනය කරන්නේ සටන්පාඨ නොව නිශ්චිතභාවය සහ ඔරොත්තු දීමේ හැකියාවයි.

ඉතිහාසය පැහැදිලිය

ධනය යනු, ආරක්ෂාව නොමැතිව, ඝාතනය සඳහා සූදානම් කළ බැටළු පැටවෙකි. චීනයේ අවසන් ක්විං රජුගේ පාගා දැමීම්වල සිට යුක්රේනයේ ප්‍රාග්ධන පලා යාම දක්වා, පාඩම නොනැසී පවතී. අද, චීනයේ හමුදා පෙළපාළිය ගෝලීය මේසය මත එහි කාඩ්පත් තබා ඇත.  චීනය ධනය නිර්මාණය කිරීමට පමණක් නොව, එහි ආරක්ෂාව සහතික කිරීමට ස්ථානයක්. ප්‍රාග්ධනය ආශා කරන්නේ එයයි. සැබෑ අනාගතය එයයි.

ජයන්ත වැලිවිට

(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top