අධිරාජ්‍යයන් පාගාදැමූ භූමි සන්ධිස්ථානයක් ලෙස ඇෆ්ගනිස්ථානයට දිගු ඉතිහාසයක් තිබේ. එහි නූතන රාජ්‍යය 1747 දී ඩුරානි අධිරාජ්‍යා විසින් ආරම්භ කරන ලදී. මහා ඇලෙක්සැන්ඩර්, මොන්ගෝලියානුවන් (ජෙන්ගිස් ඛාන් යටතේ) සහ පර්සියානුවන් ඇතුළු බොහෝ අධිරාජ්‍යයන් විසින් එය යටත් කරගෙන සිට ඇත. ඇෆ්ගනිස්ථානයට රටවල් හයකට මායිම් වේ. නැගෙනහිරින් සහ දකුණින් පකිස්ථානය, බටහිරින් ඉරානය, උතුරින් තුර්ක්මෙනිස්තානය, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය සහ ඊසාන දෙසින් චීනයයි. ඇෆ්ගනිස්ථානය ගොඩබිම් සහිත රටක් වන අතර, එහි දේශසීමා, විශේෂයෙන් පාකිස්තානය සමඟ සංකීර්ණ දේශපාලන ඉතිහාසයක් ඇත.
එය සොරොස්ට්‍රියානුවාදය, බුද්ධාගම, හින්දු ආගම සහ පසුව ඉස්ලාම් ඇතුළු විවිධ සංස්කෘතීන් සහ ආගම් සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් ව පැවතුණි.
19 වන සහ 20 වන සියවස්වලදී, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය තම ඉන්දියානු යටත්විජිතය රුසියාවෙන් ආරක්ෂා කරගැනීමේ අභිප්‍රායෙන්, ඇෆ්ගනිස්තානය ඈඳා ගැනීමට උත්සාහ කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය-ඇෆ්ගන් යුද්ධ මාලාවක් ඇති විය.
පළමුවන ලෝක යුද්ධයෙන් පසු පීඩාවට පත් බ්‍රිතාන්‍යයන්, තුන්වන බ්‍රිතාන්‍ය-ඇෆ්ගන් යුද්ධයෙන් (1919-21) පරාජයට පත් වූ අතර, ඇෆ්ගනිස්තානය ස්වාධීන ජාතියක් බවට පත් විය. එහෙත්, ඇෆ්ගනිස්ථානය ලෝකයේ සෙසු ප්‍රදේශවලට වඩා පසුපසින් සිටීම ගැන කනස්සල්ලට පත්වූ අමීර් අමානුල්ලා ඛාන් සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දැඩි ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඒ අනුව, 1926 දී එරට නැවත රාජාණ්ඩුවක් බවට පත්විය. ඛාන් රජු ඇෆ්ගනිස්තානය නවීකරණය කිරීමට උත්සාහ කළ නමුත්, සැලකිය යුතු විරෝධයකට මුහුණ දුන් අතර එය ඔහුගේ ධුරයෙන් ඉවත් වීමටද හේතු විය.

1947 දී, බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් ඉන්දියාවෙන් ඉවත් වී, ප්‍රධාන වශයෙන් හින්දු ඉන්දියාව සහ ඉස්ලාමීය පාකිස්තානය බෙදා වෙන්කර නිර්මාණය කරන ලදී. පාකිස්තානයේ ඇෆ්ගන් දිගු දේශ සීමාව, බොහෝ දුරට පාලනය කළ නොහැකි එකක් බවට පත්විය.
ඛාන් රජුගේ ඥාති සහෝදරයා වන සෝවියට් හිතවාදී ජෙනරාල් මොහොමඩ් දාවුද් ඛාන් අගමැති ධුරයට පත් වන අතර ආර්ථික හා හමුදාමය ආධාර සඳහා ඔහු සෝවියට් සංගමය වෙත ළං විය . කාන්තාවන්ට වඩාත් පොදු සහභාගීත්වයක් ලබාදීම ඇතුළු සමාජ ප්‍රතිසංස්කරණ ගණනාවක් ද ඔහු හඳුන්වා දුන්නේ ය. 1956 දී, සෝවියට් නායක නිකිතා කෘෂොව් ඇෆ්ගනිස්තානයට උදව්කිරීමට එකඟවීමෙන් පසු, රටවල් දෙක සමීප මිතුරන් බවට පත් විය. 1965 දී රහසිගතව කොමියුනිස්ට් දේශපාලන සංවිධානයක් පිහිටුවා ගත් අතර එහි ප්‍රධාන නායකයින් වූයේ, බබ්‍රක් කර්මාල් සහ නූර් මොහොමඩ් තාරාකිය.
1973 වසරේදී, හමුදා කුමන්ත්‍රණයකින් අවසන් රජු වූ මොහොමඩ් සහීර් ෂා බලයෙන් පන්නා දමා, ඛාන්ගේ ඇෆ්ගනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පත් විය. රාජාණ්ඩුව අහෝසිකර ජනාධිපති ලෙස ඛාන් තමාම නම් කරගත්තේය. පසුව සෝවියට් සංගමය සමඟ ස්ථිර සබඳතා ඇතිව ඇෆ්ගනිස්ථාන ජනරජය ස්ථාපිත කෙරුණි. 1975-1977 වසරවල ඛාන් කාන්තා අයිතිවාසිකම් ලබාදෙන නව ව්‍යවස්ථාවක් යෝජනා කිරීම තුළින්, බොහෝ දුරට රාජ්‍යය නවීකරණය කිරීමට කටයුතු ආරම්භ කළේය. ඔහු විරුද්ධවාදීන්ට ද පහර දෙන අතර, ඔහුට සහාය නොදක්වන බවට සැක කෙරෙන බොහෝ දෙනෙකුට රජයෙන් ඉවත්වීමට බල කිරීම විශේෂයකි. 1978 කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඛාන් මිය ගියේය. ඇෆ්ගන් කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන ‘නූර් මොහොමඩ් තාාකි’ ජනාධිපති ලෙස රටේ පාලනය භාර ගන්නා අතර බබ්‍රක් කර්මල් නියෝජ්‍ය අගමැති ලෙස පත් කෙරුණි. ඔවුන් නිදහස් රටක් ප්‍රකාශකරන අතර, ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉස්ලාමීය මූලධර්මවාදය, ඇෆ්ගන් ජාතිකවාදය සහ සමාජ ආර්ථික යුක්තිය මත පදනම් වූ බව ප්‍රකාශ විය. තාාකි සෝවියට් සංගමය සමඟ මිත්‍රත්ව ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු, තවත් බලගතු කොමියුනිස්ට් නායකයෙකු වන හෆිසුල්ලා අමීන් අතර තාරකිගේ එදිරිවාදිකම් වර්ධනය වී, දෙපාර්ශ්වය අතර බල අරගලයෙන්, 1979 සැප්තැම්බර් 14 වන දින ගැටුමකදී තාරාකි මිය ගියේය.
ඊට සමගාමීව, ඛාන් විසින් හඳුන්වා දුන් සමාජ වෙනස්කම්වලට විරුද්ධවූ ගතානුගතික ඉස්ලාමීය සහ වාර්ගික නායකයින්, ගම්බද ප්‍රදේශවල සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කරනු ලැබීය. ජූනි මාසයේදී, සෝවියට් සහාය ලත් රජයට එරෙහිව සටන්කිරීම සඳහා ප්‍රාදේශීය ගරිල්ලා ව්‍යාපාරයක් වන ‘මුජහිදීන්’ නිර්මාණය වීම තීරණාත්මක සංධිස්ථානයකි.

අඩපණ වෙමින් පවතින තම අනුග්‍රහය ලත් පාලනය ශක්තිමත් කිරීම සඳහා සෝවියට් සංගමය දෙසැම්බර් 24 වන දින ඇෆ්ගනිස්තානයට හමුදා ඇතුළු කරනු ලැබීය. දෙසැම්බර් 27 වන දින අමීන් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනෙකු ඝාතනය කෙරුණු අතර නියෝජ්‍ය අගමැති බබ්‍රක් කර්මල් අගමැති ලෙස දිවුරුම් දුන්නේය. 1979 දී සෝවියට් හමුදා පැමිණීම දිගු යුද්ධයකට හේතු වූ අතර එහි ප්‍රතිඵලය ලෙස තලේබාන්වරුන්ගේ නැගීම ආරම්භ විය. 1980 මුල් භාගය වන විට, විසිරී සිටි මුජහිදීන් කැරලිකරුවන් සෝවියට් සංගමයේ සහාය ලත් ඇෆ්ගන් හමුදාවට එරෙහිව එක්සත්ව, කර්මාල්ට සහ සෝවියට් සංගමයට එරෙහිව පුළුල් ප්‍රචණ්ඩකාරී මහජන විරෝධතා ඇවිළවූහ.
ප්‍රතිවිප්ලවීය ව්‍යාපාරයක්වූ මුජහිදීන්, පෝෂණය වූූූයේ, ඇමරිකාව සහ අනෙකුත් බටහිර ජාතීන්ගේ සහාය ඇතිවය. ඔවුන් සෝවියට් හමුදාවට සහ ඇෆ්ගන් රජයට එරෙහිව සටන් කළහ. නමුත්, මුජාහිදීන් කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම්ද සිවිල් යුද්ධයකට තුඩුදුන් අතර, ඒ හේතුවෙන්, ඇෆ්ගනිස්ථානුවන් මිලියන 2.8 ක් පමණ පාකිස්තානයට පලා ගොස්, තවත් මිලියන 1.5 ක් ඉරානයට පලා ගොස් තිබිණ. ඇෆ්ගන් ගරිල්ලන් ග්‍රාමීය ප්‍රදේශවල පාලනය අත්පත් කරගත් අතර සෝවියට් හමුදා සහය ලැබූවන් නාගරික ප්‍රදේශ පාලනය කළහ. ඒ වනවිට මුජහිදීන්වරුන්ට පාකිස්තානය හරහා ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය මගින් අවි ආයුධ – මුදල් ආධාර නොඅඩුව ගලා ආවේය. 1986 දී සෝවියට් සහයෙන් නව ජනාධිපති ලෙස තේරීපත්වූ මොහොමඩ් නජිබුල්ලාගේ පාලනයට එරෙහිවද මුජහිදීන්වරු තම පහරදීම් දිගටම කරගෙන ගියහ. ඇෆ්ගන් අර්බුදය දරුණු වෙත්දී, 1989 දී ඇමරිකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ සෝවියට් සංගමය ජිනීවාහිදී සාම ගිවිසුම් අත්සන් කරමින් ඇෆ්ගනිස්තානයෙන් සෝවියට් හමුදා සාමාජිකයන් 100,000 ක් ඉවත්කරගැනීම සහතික කළෝය. ජනාධිපති නජිබුල්ලා බලයේ සිටියදීම, 1989 දී සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව ගියෝය.
1992 වනවිට මුජහිදීන් සහ අනෙකුත් කැරලිකාර කණ්ඩායම්, අගනුවර වන කාබුල් වෙත කඩාවැදී රජයේ හමුදා භටයින්ගේ ආරක්ෂාව ඇතිව සිටි, නජිබුල්ලා බලයෙන් නෙරපා දැමූහ. එම කාලය තුළ තලේබාන්වරු ඉහළට මතු වූ අතර 1996 වනවිට ඔවුන් ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කරගත්හ.
ඔසාමා බින් ලාඩන්ගේ ‘ශුද්ධ වූ යුද්ධය’
ඒ වකවානුවේදී, සෞදි අරාබියේ සිටි ‘ඔසාමා බින් ලාඩන්’, සෝවියට් විරෝධී සටන්කරුවන්ට ආධාර කිරීමේ අරමුණින් ඇෆ්ගනිස්තානයට ඔහුගේ පළමු සංචාරය සිදුකර තිබිණ. ඉස්ලාම් පාලනයක් යටතේ පවතින පිරිසිදු ජාතියක් සඳහා වන, ඔවුන්ගේ ඉලක්කයට විරුද්ධවන බව පවසන අනෙකුත් අයට එරෙහිව ඔවුන්ගේ ‘ජිහාඩ්’ හෙවත් ‘ශුද්ධ වූ යුද්ධය’ දිගටම කරගෙනයාම සඳහා පැමිණෙන බැව් බින් ලාඩන් පවසා සිටියේය. ඇෆ්ගන් යුද්ධයේදී සෝවියට් සංගමයට එරෙහිව සටන් කරන මුස්ලිම්වරුන්ට සහාය වීම සඳහා ‘අල්-කයිඩා සංවිධානය’ සැපයුම් ජාලයක් ලෙස ආරම්භ විය.
ඔසාමා බින් ලාඩන් විසින් ආරම්භ කරන ලද පුළුල් පරාසයක සටන්කාමී ඉස්ලාමීය සංවිධානයක් ලෙස, 1989 වසර ආසන්න කාලයක කණ්ඩායම තමන්ව “අල් කයිඩා” ලෙස හැඳින්වීය. 1989 – 1991 කාලය තුළ, මෙම කණ්ඩායම් ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ තම මූලස්ථාන පවත්වාගෙන ගියහ. 1991 ආසන්න කාලයේදී, අල් කයිඩාවේ බින් ලාඩන් ඇතුළු නායකත්වය සුඩානයට සංක්‍රමණය විය. එම මූලස්ථානය, 1991 සිට ආසන්න වශයෙන් 1996 දක්වා සුඩානයේ පැවති අතර ලෝකයේ විවිධ ප්‍රදේශවලට විහිදුවමින් සංවිධාන ජාලය පවත්වාගෙන ගියේය. 1996 දී, බින් ලාඩන් ඇෆ්ගනිස්තානයට සංක්‍රමණය විය. මෙම කණ්ඩායම අවසානයේ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කාමීන්ගේ අනුග්‍රහය යටතේ තම මූලස්ථානය නැවත ස්ථාපිත කළෝය.
2001 සැප්තැම්බර් 11 ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පෙන්ටගනයට ප්‍රහාර සිදු කිරීමෙන් පසු ලෝකයේ වඩාත්ම කුප්‍රකට ත්‍රස්තවාදී සංවිධානයක් බවට අල්-කයිඩා පත්විය. තලේබාන්වරු අල්-කයිඩා සංවිධානයට සත්කාරකත්වය සැපයීම, ඇමරිකන් ආක්‍රමණයකට හේතුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තලේබාන් පාලනය බිඳ වැට්ටවීමේ ආක්‍රමණය ආරම්භ විය. එම අවස්ථාවෙහි ඇමරිකාව විසින් තලේබාන් පාලනය පෙරළා දැමූ නමුත්, 2021 දී අවසානයේ ඔවුන් බලය නැවත ලබාගත්හ.
ඒ අනුව පැහැදිලි වන්නේ, ඇෆ්ගනිස්ථානයේ දීර්ඝකාලීන ගැටුම, තමන්ගේම අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රගතිශීලීන් සහ ලිබරල්වාදීන් අභිබවා රට තුළ ප්‍රතිගාමී සහ ගතානුගතික බලවේග වර්ධනය කළ නිරන්තර බාහිර මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් බවයි. ඇෆ්ගනිස්ථානයට ලොව බලවත් ජාතීන්ගේ කෙළිබිමක් වූ ඉතිහාසයක් උරුම වූ බැවින්, එය විමසීම ඇමරිකානු හමුදා මීට වසර හතරකට පෙර ඉවත්ව යෑම දක්වා විමසිය යුතු වේ.

ඇෆ්ගනිස්තානයේ ආක්‍රමණ ඉතිහාසය දෙසට
ඇමරිකාව තම රටින් ඉවත්වීම දැකීමේ ඉලක්කය ඇතිව, 2021 අගෝස්තු 31 වන දිනට පෙර අවසන් සති කිහිපය තුළ, සරණාගතයින් ඉවත්කිරීම කෙරෙහි ඇමරිකාවේ අවධානය යොමුවූ අතර, ඊට තලේබාන්වරුන්ගෙන් යම් මට්ටමක සහයෝගයක් ලැබිණ. ගමනාගමනයට පහසුකම් සැලසූ අතර ගුවන් තොටුපළ වෙත යන මාර්ගයේ ආරක්ෂාව ඔවුන් සපයන ලදී.
ගුවන්තොටුපළ පහසුකම් වෙත එල්ල කළ ප්‍රහාර ගණනාවක් තලේබාන් සංවිධානය විසින් ව්‍යර්ථ කළද, අගෝස්තු 26 වන දින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු රිංගා ගොස් කළ ‘ඇබේ ගේට් ත්‍රස්ත ප්‍රහාරයෙන්’ අවම වශයෙන් ඇෆ්ගන් සිවිල් වැසියන් 170 ක් සහ ඇමරිකානු හමුදා නිලධාරීන් 13 දෙනෙකු මිය ගියේය. ඇමරිකාව සමඟ අත්සන් කළ සාම ගිවිසුමේ සඳහන් ආරක්ෂාව ගැන සහතික ලබාදීමට තලේබාන් සංවිධානය අපොහොසත් වූ බව පැහැදිලි විය. අල්-කයිඩා, ISIL සහ තවත් අනුබද්ධිත සංවිධාන ඇෆ්ගනිස්තානය භාවිතා කරමින් කළ ප්‍රහාර දියත්කිරීම වැළැක්වීමට තලේබාන් සංවිධානයට නොහැකි බවට සැකයක් මෙම සිදුවීම තුළින් මතුවිය. කෙසේ වෙතත්, පසුව ඇමරිකානු හමුදා පූර්ව ආරක්ෂක පියවරයන් ගනිමින් නියමිත කාලයට පෙර ඉවත්වීමේ සැලසුම් ඉදිරියට ගෙන ගියහ. තවදුරටත් ප්‍රහාර පිළිබඳ සුපරීක්ෂාකාරීවීම නිසා ඇමරිකානු හමුදා අගෝස්තු 29 වන දින එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ළමුන් හත්දෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් දසදෙනෙකු මිය ගියහ. ඇමරිකානු ඉලක්කය ආරක්ෂක තර්ජනයක් නොවූ එකක් බව පසුව සොයාගන්නා ලදී.
අගෝස්තු 30දා මධ්‍යම රාත්‍රිය ඉක්මවද්දී, ඇමරිකා එක්සත් ජනපද හමුදා ඉවත්කරගැනීම අවසන් කළ අතර, ඇමරිකාවේ දීර්ඝතම යුද්ධය නිශ්චිත අවසානයකට පැමිණියේය. තලේබාන්වරු නැවත බලයට පත්වීමත් සමඟ, බොහෝ අය කල්පනා කළේ යුද්ධය ඇමරිකානු පරාජයක් ලෙස සහ එහි අධික පිරිවැය, අහිමි වූ ජීවිත, විනාශකාරී හා දිගු විනාශය කොතරම්ද නම් යන්නයි. නමුත් 2001 දී අල්-කයිඩා පරාජය සමග ආක්‍රමණය කරන කළ ඇෆ්ගනිස්තානයට වඩා, තලේබාන්වරුන්ට පාලනය කිරීමේ හැකියාව ඔප්පු කිරීමට නව අවස්ථා සමඟින්, ස්ථාවර සහ ආරක්ෂිත ඇෆ්ගනිස්තානයකට මඟ පාදනු ඇතැයි සුබවාදීන්ගේ බලාපොරොත්තුව විය.
ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු යුද්ධය ආරම්භ වූයේ වසර 24කට පෙර නොව, වසර 44කට පෙර බව පැහැදිලිය. 2001 ඔක්තෝබර් 7 වන දින ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙන් පසු ඇතිවූ ඉහවහ ගිය සතුට සමරන්නවුන්ට, තම නවතම අධිරාජ්‍ය වික්‍රමාන්විතයන්ගේ මෝඩකම හා නොමේරූකම නොපෙනී ගියේය. වොෂින්ටනයේ නායකයින්ගේ අහංකාරකම නොවන්නට, 2001 නොවැම්බර් මාසයේදී තලේබාන් සංවිධානය යටත්වීමට එකඟ වූ අවස්ථාවේ යුද්ධය අවසන්වීමට ඉඩ තිබුණි.
“ශිෂ්ටාචාර ගැටුම” නිබන්ධනයේ පූර්වගාමියා වූ ‘සැමුවෙල් හන්ටින්ටන්’ පෙන්වාදුන්නේ, “බටහිර ලෝකය ජයග්‍රහණය කළේ ඔවුන්ගේ අදහස්, වටිනාකම් හෝ ආගමේ උසස් බව නිසා නොව, සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය යෙදීමේදී එහි වූ උසස් බව නිසා ය. බටහිර නොවන අය කවදාවත් එසේ නොකරති. බටහිරයන් මෙම කරුණ බොහෝ විට අමතක කරති.” යනුවෙනි.
සෝමාලියාව, හයිටි, බොස්නියාව සහ කොසෝවෝහි මෑතකාලීන ඇමරිකානු ආක්‍රමණ අත්හදාබැලීම් ලෙස සිදුකළ ඒවා විය. 21 වන සියවස දක්වා ඉතිහාසය වෙත යොමුවීමේදී, ජිමී කාටර් ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස ‘රොනල්ඩ් රේගන්’ ජනාධිපතිවරයා සීතල යුද්ධ ප්‍රතිපත්තිය නැවත උණුසුම් කරමින් ගෝතමාලාවේ සිට ඇෆ්ගනිස්තානයයිටි, බොස්නියාව සහ කොසෝවෝහි මෑතකාලීන ඇමරිකානු ආක්‍රමණ අත්හදාබැලීම් ලෙස සිදුකළ ඒවා විය. 21 වන සියවස දක්වා ඉතිහාසය වෙත යොමුවීමේදී, ජිමී කාටර් ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස ‘රොනල්ඩ් රේගන්’ ජනාධිපතිවරයා සීතල යුද්ධ ප්‍රතිපත්තිය නැවත උණුසුම් කරමින් ගෝතමාලාවේ සිට ඇෆ්ගනිස්තානය දක්වාත්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදීම හරහා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හා බැරැක් ඔබාමාද, ජෝ බයිඩන්ගේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වාම ජනාධිපතිවරුන් ඉරාකය, ලිබියාව, සිරියාව, යේමනය හා පලස්තීනය දක්වාත් විහිදෙන යුධ මාවතක් විවරකර ඇත.
සෝවියට් සංගම් වර්ධනය හා ඇමරිකාව දුටු තර්ජනය
ජනාධිපති රොනල්ඩ් රේගන් අනතුරු ඇඟවූවේ මෙසේය, “සෝවියට් සංගමය සාර්ථකවනු ඇති බව වැඩි වැඩියෙන් පෙනේ. ‘ඔවුන්ගේ බලපෑම’ පාලනය නොවේ නම්, එතැන් සිට ඔවුන් කැමති විටෙක බටහිර යුරෝපයට සහ ඇමරිකාවට තෙල් රැගෙනයන මුහුදු මාර්ගවලට තර්ජනය කළ හැකිය. මොස්කව්වලට අප්‍රිකානු මහද්වීපය පාලනය කිරීමට ඉඩදීම තුළින්, අරාබි අර්ධද්වීපයේ ‘කොමියුනිස්ට් විරෝධී’ රජයන් දැඩිලෙස අස්ථාවර කිරීමට හැකියාව ලබාදෙනු ඇත. . . වසර කිහිපයකින් ‘අඩිස් අබාබා’ සිට ‘කේප්ටවුන්’ දක්වා විහිදෙන සෝවියට් අධිරාජ්‍යයක අපේක්ෂාවට, අපට මුහුණදීමට සිදුවේ”.
ඇමරිකානු ක්‍රියාමාර්ග හමුවේ සෝවියට් නායකයින්, තම බලපෑම් ක්ෂේත්‍රයේ, එතරම් ශක්තිමත් ප්‍රතිචාරයක් සිදුකළේ නැත. තමන්ට සමාන තත්වයක් ලබාදීමට ඇමරිකානුවන් තුළ කැමැත්තක් ඇතැයි, සෝවියට්වරු අධිතක්සේරු කළහ. ඒ වෙනුවට, ඇමරිකානු නායකයින් “දේශපාලන හා ආර්ථික ගැටලු සම්බන්ධයෙන් සෝවියට් උපදෙස්වලට අවනත වීමට” අකමැති විය. ඒ හේතුවෙන්, සෝවියට් පාලනය තුළ සහ සමහර එහි බුද්ධිමතුන් අතරද ‘සමාජවාදය දෙසට නැඹුරු වූ සංවර්ධන මාවතක’ න්‍යායික පදනම මත, ඇෆ්ගනිස්තානය, ඇන්ගෝලාව, ඉතියෝපියාව, මොසැම්බික්, සෝමාලියාව සහ දකුණු යේමනය වැනි රටවල සෝවියට් මැදිහත්වීම ඥානවන්තදැයි ප්‍රශ්න මතු කරමින් සිටියහ.
මෙය, ලෝකයේ සැබෑ දේශපාලන විකල්ප, විශේෂයෙන් වාමාංශික පක්ෂ හෝ පාලන, මර්දනය කිරීම සඳහා අධිරාජ්‍යවාදී බලවේග තම පොතේ ඇති සෑම උපක්‍රමයක්ම භාවිතා කර තිබීමෙන් පැහැදිලිවේ. 1960-70 දශකවලදී, ආසියානු කලාපයේ බොහෝ (වියට්නාමය, ලාඕසය, කාම්බෝජය හා ඉන්දුනීසියාව) රටවල පක්ෂ සමාජවාදී යැයි කියාගත් විට, අධිරාජ්‍යවාදීන් තමන්ගේම න්‍යාය පත්‍රයට ගැලපෙන ගතානුගතික සහ ප්‍රතිගාමී ව්‍යාපාරවලට සහායදීම සහ ප්‍රවර්ධනය කිරීම ක්‍රියාකාරීව ආරම්භ කළ බව පැහැදිලිය. මෙම කලාපයේ ඔවුන්ගේ ආක්‍රමණශීලී ක්‍රියා සහ කොල්ලකෑම් සැඟවීමට සහ යුද්ධ හා ඝාතන සාධාරණීකරණය කිරීමට අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය සේවය කළේය.
තවත් පැත්තකින්, ඉරානයේ පාලක “ෂා”රජු ඇමරිකාවට පලා ගියේ, 1979 ජනවාරි මාසයේදී ‘ඉරානයේ ඉස්ලාමීය විප්ලවය’ හේතුවෙනි. නව ඉරාන නායක ‘අයතුල්ලා කොමේනි’ සෝවියට් සංගමය සහ ඔවුන්ගේ ඉරාන වාමාංශික සගයන් කෙරෙහි අවිශ්වාසය නිසා, සෝවියට්වරුන්ට තත්වයෙන් ප්‍රයෝජන ගත හැකි ප්‍රමාණය සීමා විය. කළින්, සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයට ඇතුළු වූ විටද කොමේනිගේ සෝවියට්විරෝධී හැඟීම් තදබල වූ අතර, 1980 සැප්තැම්බර් මාසයේදී එවකට සෝවියට් මිත්‍ර ජනාධිපති සදාම් හුසේන්ගේ ඉරාකය, ඉරාන රාජ්‍යය ආක්‍රමණය කිරීමද විරෝධය දැඩිවීමට බලපෑවේය. නමුත්, ඉරානය ‘කොමියුනිස්ට්වාදය’ සතුකර ගැනීමක් සිදුවනු ඇතැයි ජිමී කාටර් ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක, ‘‘ස්බිග්නෙව් බ්‍රෙසින්ස්කි’ බිය විය. සී.අයි.ඒ සංවිධානය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව ‘ඉස්ලාමීය මූලධර්මවාදයෙන්’ එල්ලවන තර්ජනය අවතක්සේරු කළ බැවින්, ‘ඉරානය’ ඇමෙරිකානු බුද්ධි අංශයේ දැවැන්ත අසාර්ථකත්වයක් බවට පත්වූයේ යැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුව විස්තර කළේය.
ii කොටස පසුවට…

ජයන්ත වැලිවිට
(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)
Pingback: තලේබාන් ඇෆ්ගනිස්තානය : ලෝක බලවතුන් සහ 911 කෙළිබිම – ii කොටස - lankatimes