/ Sep 16, 2025

ඇල්ල බස් අනතුර : බසයේ වටිනාකමට වැඩිය විච්චූරණවලට වියදම් කරලා!

පසුගියදා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බිහිසුණු අනතුරකට ලක්ව 15කට දිවි අහිමි වූ බස් රථයේ වටිනාකමට වඩා එහි විවිධ අංගෝපාංග සඳහා මුදල් වැයකර ඇති බව අනාවරණය වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රදාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බැව් පැවසීය.

අනතුරේ විමර්ශන කටයුතුවලදී බස් රථයේ හිමිකරු සමග සාකච්ඡා කළ විට හෙළිව ඇත්තේ බස් රථය රුපියල් ලක්ෂ 55කට මිලට ගත් බවත් පසුව බස් රථයේ අලංකරණ සඳහා තවත් රුපියල් ලක්ෂ 70ක් වැය කළ බවත් ය.

කෙසේ වෙතත් මෙලෙස මෝස්තර වෙනුවෙන් ලක්ෂ ගණන් වැය කළද එය නිසි ලෙස නඩත්තු කර නොතිබූ බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. තිරිංග පද්ධතියේ කාලයක් තිස්සේ ග්‍රීස් කාන්දුවක් සිදුවෙමින් පැවති බවද හෙළිව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top