/ Sep 16, 2025

පැහැරගෙන යෑමේ නඩුව : රතන හිමිට ඇප

2013 වසරේදී පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුට අද (සැප්තැම්බර් 12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයකට අනුව, මෙම පැහැරගැනීම සඳහා රතන හිමියන් ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී තිබුණි. මෙම සිදුවීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද සම්බන්ධ බව වාර්තා විය.

ඇප කොන්දේසි ලෙස සැකකරුවන් තිදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව ලබන නොවැම්බර් 28 වැනිදා දක්වා කල් තබා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top