/ Sep 16, 2025

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිට වරෙන්තු!

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

ජාතික ජන බලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාරට මරණ තර්ජනය කල බව කියන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග වැදුණු නීතිඥ තාරක නානායක්කාරට තර්ජනය කිරීමේ චෝදනා මත වින්දිතයන් සුරැකීමේ පනත යටතේ විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ.

විත්තිකාර සභාපතිවරයා නඩුවට සහභාගි නොවූ අතර ඇපකරුවන්ද සහභාගි නොවීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top