බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අංක 01 රා තැබෑරුම 2026 වසර සඳහා රුපියල් තුන්කෝටි හැත්තෑහතර ලක්ෂ හැට හතර දහසකට ටෙන්ඩර් වී ඇතැයි වාර්තා වේ.
මෙම ගණන රජයේ තක්සේරු මුදලට වඩා රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි මුදලකි.
එළැඹෙන වර්ෂය වෙනුවෙන් රා තැබෑරුම ලබා ගැනීමට පුද්ගලයන් පස් දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබු අතර වැඩිම ලංසුවට එය හිමි විය.
මේ අනුව ටෙන්ඩර් හිමියා එක් දිනකට ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂයකට වැඩි වේ.