/ Sep 16, 2025

ආණ්ඩුවෙන් සුපිරි වැඩක්: පිටකොටුව බස් නැවතුමට කරන දේ මෙන්න!

බොහෝ දෙනාගේ පැසසුමට ලක් වන කටයුත්තකට වත්මන් ආණ්ඩුව අත ගසා ඇතැයි වාර්තා වේ. ඒ කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමයි.

මේ සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 4240ක් වෙන් කර තිබේ.

මෙහි ඇති විශේෂම කරුණ වන්නේ මෙම බස් නැවතුම්පොළ වසර 60කින් එනම් මෙය ආරම්භ කළ දා පටන් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්ව නොතිබීමයි. මෙය ඉදිව ඇත්තේ 1964 වසරේ දී ය.

මෙහි දෛනිකව බස් ගමන් වාර 1500කට අධිකව ක්‍රියාත්මක වේ. මෙරට බස් නැවතුම්පොළවල් 50ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම හෙට (15) නවීකරණය ඇරඹෙනු ඇති.

නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු නවීන අංගෝපාංග සමගින් මෙය ප්‍රතිසංස්කරණය සිදුකරන්නේ ගුවන් හමුදාව විසිනි.

මේ වන විට එහි මෙහෙයුම් කටයුතු වෙළෙඳ සැල් සහ බස් ගමන්වාර ඉවත් කර තිබේ.

කෙසේ වෙතත්, මෙම කටයුත්ත පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාවගේ පැසසුමට ලක්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top