ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් හෙට වර්ජනයකට යෑම තමන්ට අදාළ නැති බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පවසා ඇත.
වත්මන් ආණ්ඩුව රටේ රාජ්‍ය දේපළ නොවිකුණන නිසා තමා සටන නිමා කළ බවත්, කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණන නිසා කිසිදු අයෙකු සටන් කළ යුතු නැති බවත් ඔහු අවධාරණය කරයි.