මගී ප්‍රවාහනය නවීකරණය කිරීමේ අරමුණින්, සම්පූර්ණයෙන්ම සුවපහසු (Low-Floor) බස් රථ 100ක් සැපයීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ලංසු කැඳවා තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව මෙම ලංසු කැඳවීම සිදු කර ඇත.
මෙම නවීන බස් රථ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) යටතේ කොළඹ ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ධාවනය කිරීමට නියමිතය. මෙම බස් රථ භාවිතය මගින් වැඩිහිටියන් සහ ආබාධිත මගීන් ඇතුළු සියලු දෙනාටම වඩාත් පහසුවෙන් ප්‍රවාහන සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම ව්‍යාපෘතිය මගින් රථවාහන තදබදය අවම කරමින් සහ මහජනතාවට උසස් තත්ත්වයේ ප්‍රවාහන සේවාවක් සපයමින් රටේ පොදු ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.