/ Sep 16, 2025

අපේ පාලනයකදී හිටපු ජනපතිලාට නැවත වරප්‍රසාද : දොළවත්ත

පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත වූ පණතක් මගින් කපා දැමූ හිටපු ජනපති වරප්‍රසාද නැවත ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ප්‍රේම්නාත් සී. දොළවත්ත පවසයි.

ඉදිරියට එන පාලනයක් තුළ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්, ජනාධිපතිවරුන්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි තහවුරු කළ යුතු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා පවසයි. 

ලෝකයේ කිසිම රටක, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මේ ආකාරයට කුහක ලෙස කප්පාදු කර නැති බව පාවසූ මන්ත්‍රීවරයා, මේ රට මේ තත්ත්වයට ගෙන ඒමට රට පාලනය කළ සියලු රාජ්‍ය නායකයන් මහත් කැපවීමකින් කටයුතු කළ බව ද අවධාරණය කරයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top