/ Oct 19, 2025

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ලිංගික අඩන්තේට්ටම් කළ නොමිනිසෙක් අත්අඩංගුවට!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසලක පාලනාධිකාරියේ නිලයක් දරණ අයෙකු එහි සිටින දරුවන් සිව් දෙනෙකුට ලිංගික අපචාර සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම පාසලේ දරුවන් 69 දෙනෙකු ඉගෙනුම ලබන අතර පරිපාලන කටයුතු පෞද්ගලික ආයතනයක් හරහා සිදු වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (19) අනුරාධපුර පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිදරව් වූ අතර දරුවන්ට සිදු කළ අනේක අඩන්තේට්ටම් නිසා මව්පියන් විරෝධතාවකද නිරත විණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top