ලබන ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සඳහා ජනපතිවරයා විසින් වැටුප් වැඩිවීමක් ලබා දීමට නියමිත බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
බස් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීමේ ආරම්භක වැඩසටහනට එක් වෙමින් මේ බව පැවසූ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ බස් ඩිපෝවල වැඩියෙන් වැඩ කරන සේවකයන්ට වැඩියෙන් ගෙවීමට කටයුතු කරන බවයි. ඒ හරහා මෙම ආයතන ජනතාවට උපරිමයෙන් සේවය කරන කාර්යක්ෂම ආයතන බවට පත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.